Blog Portal of Durakatana

Main Tag

දන්නෙම නැතුව සිව් අවුරැද්දක්ම ගෙවිල ගිහින් ක්‍රිකට් ලෝක කුසලානයත් අත ලඟටම ඇවිත් අත ලඟටම ආපු දෙයක් අපි ලේසියෙන් අත හරින්නේ නෑ ඔව් මේ පාර අපි දිනනවාමයි…..

Teams

2015 ක්‍රිකට් ලෝක කුසලානය අපෙ මව්බිමට ගේන සටනට පුංචි දායකත්වයක් හරි මේ Cricket world cup 2015 ඇප්එකෙන් දක්වන්නට ඇත්නම් එයයි සතුට..

ඇප් එක ඩවුන්ලොඩ් කරගන්න    http://goo.gl/FNlBYN

මේ ඇප් එකෙන් ඔයාලට සහභාගිවන සියලුම ටීම් ගැනත් තරඟ කාලසටහන් ආදිය ගැනත් ඉක්මනින්ම තොරතුරැ ලබාගත හැකියි. ඒ වගේම ලයිව් ස්කෝර් සහ තරඟ නරඹන්නත් හැකියාව තියෙනව. තරඟ නරඹනව කියද්දි මට බනින්න එපා ඩේට යනව කියල ඒත් තව දවස් කිහිපයකින් ඔයාලට මෛත්‍රී මාමි ප්‍රී වයි ෆයි දුන්නම බෝක්කුක් උඩ හිටං මැච් එක බලතෑකි …..ෆෝන් එකෙන් ැ

Advertisements

2011 දී පලමු වරට හඳුන්වාදුන් Temple Run ක්‍රීඩාව නිපදවනු ලැබුවේ තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසිනි.Keith Shepherd සහ Natalia Luckyanova යන විවාහක යුවල විසින් මෙහි coding හෙවත් කේතකරණය සිදු ලරනු ලැබූ අතර, ඔවුන්ගේ මිතුරෙකු වූ Kiril Tchangov විසින් මෙහි ග්‍රැෆික්ස් යනාදී කලා කටයුතු සම්පාදනය ලරනු ලැබීය.

2011දී IOS සඳහා පළමුවරට නිකුත් කෙරුනුTemple Run ක්‍රීඩාව, පසුකාලීනව Android හා Windows Phone සඳහාද පසුකාලීනව නිකුත් කරන ලදී.
2013දී Temple Run දෙවන ක්‍රීඩාව වනTemple Run 2 ක්‍රීඩාවද නිකුත් කරනු ලැබීය. මෙම ක්‍රීඩා ද්විත්වයම එකක් බිලියන වතාවක් පමණ Download කර ඇත.
පළමු ක්‍රීඩාව නිපදවීමට තිදෙනෙකුගේ කණ්ඩායමක් දායක වූ අතර, දෙවන ක්‍රීඩාව නිපදවීමට තවත් දෙදෙනෙකු සහයට ගන්නා ලද බැවින් එය පස් දෙනෙකුගේ තරම් කුඩා කණ්ඩායමක් විසින් නිපදවූ ක්‍රීඩාවකි.

කෙසේ වුවද, ඔබ කෙතරම් දක්ශයකු වුවත් ඔබට කිසිදිනක Temple Run ක්‍රීඩාවක් අවසන් කිරීමට හැකියාවක් නොමැත.

සියලුමTemple Run ක්‍රීඩා නොමිළයේ ලබාගත හැකි ක්‍රීඩා වුවද, ක්‍රීඩාව තුල ඇති in-app purchases හරහා ක්‍රීඩාවේ නිර්මාණ කරුවන් මේ වනවිට ඇමරිකානු ඩොලර් මිලියන ගණනක ආදායමක් උපයා ගැනීමට සමත් වී ඇත.

A Parrot AR Drone 2.0 is seen flying during a demonstration at the Consumer Electronics Show, Wednesday, Jan. 9, 2013, in Las Vegas. The drone has a built in camera and can be controlled with a smart phone. (AP Photo/Julie Jacobson)

මේ වන විටත් Developer Preview නිකුත් කර ඇති නවතම Android මෙහෙයුම් පද්ධතිය වන Android 6.0 Marshmellow මෙහෙයුම් පද්ධතිය බොහෝ විට මෙම මාසය තුළ හෝ ලබන මාසය තුළ නවතම Google Nexus උපංගය වන Nexus 5 (2015) උපංගය සමග නිකුත් වනු ඇති අතර, තවත් බොහෝ උපාංග සඳහා Update එකක් ලෙස නිකුත් කෙරෙනු ඇති බව අන්තර්ජාලයේ ප්‍රචාරය වී ඇත.

LG_Nexus_5_2015

Google Nexus 5 (2015) හි නිර්මිත අනුරැවක්

මෙම නවතම මෙහෙයුම් පද්ධතිය සමග අලුත් මුහුණුවරක්, අමතර පහසුකම්, වේගවත් ක්‍රියකාරීත්වයක් මෙන්ම වැඩි දියුණු කරන ලද බටරි ආයු කාලයක්ද ලබා දෙන බව Google සමාගම පවසා සිටියි.

මෙම පුවත සම්බන්ධ වැඩිදුර තොරතුරැ ලද සැණින් ඔබට ගෙන ඒ්මට අපි සූදානමින් සිටිමු.

Android 6.0 Marshmellow Developer Preview

2015 JANUARY Durakathana

ශබ්ද ගොනු පිළිබඳව කථා කරන විටදී දත්ත හැකිළීම(Audio Compression) පිළිබඳ ද කථා නොකරම බැරිය. ඒ, සම්පීඩනය නොකරන ලද ශබ්ද ගොනු ගබඩා කිරීමේදී අධික ධාරිතාවයක් වැය වන නිසායි. ශබ්ද ඉංජිනේරුවන් විසින් උසස් තත්ත්වයේ ශබ්ද ගොනු මාදිලිය ලෙස සලකන Wave ගොනුවක් සඳහා එක් විනාඩියක් සඳහා මෙගාබයිට 10 ක පමණ ඉඩක් වැයවේ. එ් ආකාරයෙන් ගීතයක් පටිගත කළවිට එය මෙගාබයිට 50 කට ආසන්න ධාරිතාවයක් ගනු ඇත. මේ අධි-ධාරිතාවයකින් යුත් ශබ්ද ගොනු සඳහා විකල්පයක් ලෙස MP3, WMA ආදී ෆයිල් මාදිලි වඩාත් ජනප‍්‍රිය විය. ඒ ඒවායේ අඩු ධාරිතාවය නිසායි. <MP3 ගොනුවක් WAVE ගොනුවක් මෙන් දස වාරයක් හැකිලිය හැකි අතර ගීතයක් සඳහා වැයවන්නේ මෙගාබයිට 5 ටත් අඩු ධාරිතාවයකි. එහිදී සිදුවන්නේ ශබ්ද ගොනුවේ ඇති සමහර සංඛ්‍යාත කොටස් ඉවත් කර දැමීමක් වන නිසා මේ සම්පීඩිත ශබ්ද ගොනු වල ශ‍්‍රවණ තත්ත්වය අඩු මට්ටමක පවතී.   Read the rest of this entry »

The Year 2015

2015 අවුරැද්දේ හා පුරා කියල පලමු පෝස්ට් එක ලියන්නයි ආවේ.. හැබැයි නිකම්ම නිකන් අත වන වනා නම් නෙවෙයි..ඒ කියන්නේ දුරකථන සඟරාවේ සිංහල බසින් ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් (App) නිමැවීමේ ව්‍යාපෘතිය යටතේ 2015 වසරේ හා පුරා කියා නිමැවුනු ප්‍රථම ඇප් එක ගැනයි මේ කියන්න යන්නේ ….මේ ඇප් එක චචනයේ පරිසමාප්තයෙන්ම සෑම දුරකථනයකම තිබිය යුතු ඉතාමත් ප්‍රයෝජනවත් හා වටිනා අන්තර්ගතයකින් පොහොසත් එකක්..  Read the rest of this entry »

Jana rally

මේ දවස්වල වැඩිපුරම අහන්න ලැබෙන වචනේ මෛත්‍රී කාගෙන් ඇහුවත් කොහේ ගියත් මෛත්‍රී මේ වචනය අපේ සමාජයට අළුත් වචනයක් නම් නෙවෙයි නමුත් සමාජගතව පැවති ගරැ කටයුතු ආගමික වචනයක් නැවතත් කරලියට ආවේ මෛත්‍රී ආගමනයත් සමගයි ඉදිරියේදී එය පෙර මහින්දාගමනය මෙන් මෛත්‍රීගමනයක් වීමටත් ඉඩ තිබෙනවා. ඉතිං මේ වටපිටාව තුල සිදුවන්නේ මොකද්ද කියල සංවේදී  ඔබට දැන් ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනය හරහා දැනගත හැකියි

මෙමගින් මෛත්‍රී නිළ ෆේස්බුක් ගීණුම සමග අදහස් හුවමාරැ කරගැනීම

මෛත්‍රී ඔහු කව්ද මොනවද කරන්නේ කියා දැන ගැනීමට

මෛත්‍රී ජන හමු  වීඩියෝ නැරඹීමට

මෛත්‍රී ප්‍රතිපත්ති ප්‍රකාශණය කියවීම

ඉදිරි දිනවල පැවැත්වෙන මෛත්‍රී ජනහමු කාලසටහන

මෛත්‍රී දින සියයේ වැඩ පිළිවෙල

මෛත්‍රී ගීත විරිඳු හා විකල්ප මතධාරි පුරවැසි වීඩියෝ නරඹන්න

ඔබට මෙම ඇප් එක නොමිලේම ගූගල් ප්ලේ වෙතින් ඩවුන්ලෝඩ් කරගැනීමෙන් අවස්ාව උදාවෙනවා..

තව දෙයක් ඒ එක්කම ඉදිරි ඡන්ද ප්‍රතිඑල එසැනින් ලබා ගන්නත් මෙම ඇප් එක හරහා ඔබට හැකියාව තිබෙනවා

Screenshot_2014-12-21-21-59-55Screenshot_2014-12-21-22-04-45Screenshot_2014-12-21-22-01-39

Screenshot_2014-12-21-22-01-21 Screenshot_2014-12-21-22-03-33Screenshot_2014-12-21-22-02-37

Screenshot_2014-12-21-22-01-39 Screenshot_2014-12-21-22-00-59 Screenshot_2014-12-21-22-04-45

මෛත්‍රීපාල සිරිසේන ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම පහත ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න

http://goo.gl/OBXCCP

නැත්නම් පහත පරිදි ඔබේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ

Face Book Banner 22