Blog Portal of Durakatana

ආයුබෝවන්…!

අපි ජීවත් වෙන්නේ අධි තාක්ෂණික සමාජයක. ඉතින් වෙනස් වන ලෝකයේ අපිටත් ඒ වේගයෙන්ම වෙනස් වන්නට වෙලා තියෙනවා. ඒත් ප්‍රශ්ණෙකට තියෙන්නේ අළුත් වෙන තාක්ෂණය ගැන අපි දැන ගන්නේ ගොඩාක් පරක්කු වෙලා. ඇයි එහෙම වෙන්නේ ? හේතුව, අළුත් තොරතුරු සිංහලෙන් දැන ගැනීමට බැරිකම තමයි…

සිංහලෙන් තාක්ෂණික තොරතුරු ඉදිරිපත් කරන සිංහල ප්‍රකාශණ ගොඩාක් අඩුයි. විශේෂයෙන්ම අන්තර්ජාලය වගේ වේගවත්, අන්තර්-ක්‍රියාකාරී මාධ්‍යයක ඒ අඩුව තදින්ම දැනෙන දෙයක්. ඉතින් ඒ නිසා අපි කල්පනා කලා ඒ හිස්තැන පුරවමින් ලාංකීය අන්තර්ජාල  අවකාශය තුළ තාක්ෂණික අත්වැලක් වෙන්නට. විශේෂයෙන්ම දුරකථන හා සන්නිවේදන ක්ෂේත්‍රය ගැන තමයි මේ බ්ලොග් අඩවිය වෙන් වෙන්නේ. ඊට අමතරව පරිගණක, තාක්ෂණික අංගයන් ගැනත් සරල සිංහලෙන් ඔයාලට කරුණු ගෙන එන්නට අපි සූදානම්…

ඉතින්, “දුරකථන” නමින් මේ ඇරඹෙන්නේ ලාංකීය ජංගම දුරකථන පරිශීලකයන්ටත්, පොදුවේ දුරකථන සහ සන්නිවේදන ක්ෂේත්‍රය ගැන අළුත් තොරතුරු දැනගන්නට කැමැත්තෙන්, ආසාවෙන් සිටින සෑම සියළු දෙනාටමත් හොඳ තෝතැන්නක්. සරලව කිව්වොත් Phones ගැන දැනගන්න නම් හොඳම තැන තමයි මේ.

“දුරකථන” බ්ලොග් අඩවිය ඇතුලේ මොනවද වෙන්නේ ? ඇත්තෙන්ම කිව්වොත් අපි බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ ජංගම දුරකථන අත්දැකීම වඩාත් හරවත් කරන්නට සහාය වීමයි. දිනපතා නිකුත් වන සිය ගණනක් දුරකථන මාදිලි අතර අතරමං වන ඔබට, හොඳ Phone එකක් තෝරා ගන්නට අපි ඔබට අත්වැලක් වෙන්නම්… ලංකාවේ මිලදී ගන්නට තියෙන දුරකථන මාදිලි ගැන ඔබව දැනුවත් කරන YouTube හි වීඩියෝ විචාරයන් (reviews), සංසන්දනාත්මක විග්‍රහයන්, ලාංකීය දුරකථන ප්‍රවණතා ගැන සම්මුඛ සාකච්ඡා වගේම ඔබේ දුරකථනයෙන් උපරිම ප්‍රයෝජන ගන්නට කියා දෙන උපදෙස් මාලා, Android Apps ගැන හඳුන්වාදීම් වගේ ගොඩාක් දේවල් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නට අපි සූදානම්.

Phones ගැන උනන්දු වෙන හැමෝටම අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන්, “දුරකථන” බ්ලොග් අඩවියේ නිළ සමාරම්භය සනිටුහන් කරමින්, ඉදිරියේදී ඔබ සැවොම නව ලොව නව දැනුමෙන් පොහොසත් කරවන අදිටන සමගින් මේ සටහන නිමා කරනවා. රැඳී සිටින්න අප සමගින්…!

Advertisements

ඔබේ ප්‍රතිචාර සටහන් කරන්න..එය අපට ශක්තියක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )