Blog Portal of Durakatana

Team Viewer යනු අන්තර්ජාලය හරහා පරිගණක දෙකක් එකිනෙක සම්බන්ධ කර, එක් පරිගණකයකින් අනෙක් පරිගණකය පාලනය කළ හැකි මව්සය කි‍්‍රයා කරවීම,ටයිප් කිරිම, ලිපි ගොනු කොපි කිරීම මකා දැමීම ආදී ඕනෑම ක‍්‍රියාවක් දුරස්ථව සම්භන්ධවී කල හැකි මෘදුකාංගයකි. මෙම මෘදුකාංගය හා ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිතා කරමින් ඔබේ පරිගණකය තුළ ඇති දත්ත වලට ලොව ඕනෑම තැනක සිට පිවිසීමට හා පරිගණකය පාලනය කිරීමට හැකි බව ඔබ දැන සිටියාද ?

එය ඉතාමත් පහසුය. ඔබට තිබිය යුත්තේ Android හෝ I-OS සහිත දුරකථනයක් හෝ ටැබ්ලට් පරිගණකයක් හා අන්තර්
ජාල සබඳතාවක් සම්බන්ධ කරන ලද ඩෙස්ක්ටොප් පරිගණකයක් පමණි. මෙහිදි ඔබ භාවිතා කරන්නේ ටැබ්ලට් උපාංගයක් නම් එහි සිම් පතක් තිබිය යුතු අතර Team viewer mobile app වැඩසටහන කි‍්‍රයා කරන ඕනෑම උපාංගයක් මේ සඳහා යෝග්‍ය බවද කිව යුතුය. පළමුවෙන්ම පරිගණකයට හා ජංගම උපාංගයට Team viewer මෘදුකාංගය ස්ථාපිත කරගන්න. පරිගණකයට නම් http://www.teamviewer.com වෙතින්ද,දුරකථනයට හෝ ජංගම ටැබ්ලට් උපාංගයට අදාල App store, මගින් Team Viewer ස්ථාපනය කර ගත යුතුය.

පියවර 01 පරිගණකය සූදානම් කර ගැනීම

පරිගණකයට Team Viewer ස්ථාපනය කරගන්න ස්ථාපිත වීමෙන් පසුව ඔබට ලැබෙන ID එක ඉතා වැදගත් වන අතර එය පරිගණකය හා ඔබව දුරස්ථව සම්භන්ධකරන යතුරක් වැනිය. නමුත් ගැටලුව වන්නේ මෙය ස්ථාවර ID එකක් නොවීමයි. පරිගණකය Restar කරන සෑම විටෙකම මෙය වෙනස්වේ. මෙය නොවෙනස් ස්ථාවර ID එකක් කර ගත හැකිය. ඒ සඳහා පහත පියවර අනුගමනය කරන්න.

මෙනුවෙන් Connection > Setup Unattended Access වෙත පිවිස Password wizard විවෘත්ත කර ගන්න මෙහිදී ඔබට අවශ්‍යය PC name එකක් හා Password එකක් ලබා දිය හැකිය. මෙය ලබා දුන් පසු ඊලඟ තිරයෙන් ඔබ Team viewr වෙබ් අඩවියට ලබා දුන් තොරතුරැ විමසන අතර ඒවා ඇතුලත් කල පසු PC Name හා Password එකක් ස්ථාවරව ඔබට හිමිවේ. මෙය පරිගණකය Restart කල පසුවද නොවෙනස්ව තිබේ.

පියවර 02 ඔබේ දුරකථනය හෝ ටැබ්ලට් උපාංගය සකස් කිරීම

අදැල අප් ස්ටෝර් වෙතගොස් Team viewer ඇප් එක ස්ථාපනය කරගන්න. පලමුවර විවෘත කිරීමේදී ඔබට Welcome screen එක හා තොරතුරැ තිරයක් දිස්වේ. දුරකථනයේ බැක් බොත්තම මගින් ඔබට මෙය මග හැරයා හැක (Skip) ඉන්පසු ඔබට ලැබෙන්නේ Connection ටැබ් එකයි මෙහිදී ඔබේ ජංගම උපාංගයට අදාල User ID හා Password දක්නට ලැබේ. ඔබ කල යුත්තේ එහි Partners List ටැබ් මත ක්ලික් කිරීමයි. මෙහිදී ඔබට ඔබේ User ID හා Password ලබා දිය හැක. මෙහිදී ඔබ ලබා දිය යුත්තේ ඔබ Team Viewer වෙබ් අඩවියෙහි ලියාපදිංචි වීමට ලබා දුන් නම සහ Password එකයි. එය ලබා දුන් පසු ඔබට Connect to Partners නම් විධානයක් දිස්වන අතර එය ක්ලික් කල සැනින් ඔබේ නිවසේ ඇති පරිගණකයේ නම දිස්වේ දැන් එයට ක්ලික් කරන්න සුලු මොහොතකින් අන්තර්ජාලයට සම්භන්ධිතව ඇති ඔබේ නිවසේ පරිගණකයේ ඩෙස්ක්ටොප් එක දිස්වනු ඇත.දැන් ඔබට ඔබේ දුරකථනයෙන් පරිගණකය භාවිතා කල හැකිය. දුරකථන තිරය කුඩා නිසා ඔබට මදක් විශාලනය කොට වුවද මෙය කල හැකිය.

හැම විටම නිවසේ පරිගණකය පණ ගන්වා අන්තර්ජාලයට සම්බන්ධ කර තිබීම මෙම ක‍්‍රියාවලියේ අනිවාර්යය සාධකයකි.ඔබට අවශ්‍ය නම් මොනිටරය නිවා දමා තැබිය හැකි අතර Team Viewer හි සියලූම පහසුකම් මේ හරහා අත් විඳ ගත හැකි වනු ඇත..

Advertisements

ඔබේ ප්‍රතිචාර සටහන් කරන්න..එය අපට ශක්තියක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )