Blog Portal of Durakatana

Archive for සැප්තැම්බර්, 2013

ඇපල් සමාගමේ නවතම ස්මාට් දුරකථනය – Apple iPhone 5S

තමන්ගේ හුරු පුරුදු රටාව මෙවරත් අනුගමනය කරමින්, පසුගිය වසරේ ඉදිරිපත් කරන ලද iPhone 5 ස්මාට් දුරකථනයට සිදුකරන ලද වැඩිදියුණු කිරීමක් ලෙසින් ඇපල් සමාගම විසින් සිය නවතම දුරකථන නිෂ්පාදනය පසුගිය සැප්තැම්බර් 10 වැනිදා ලොවට ඉදිරිපත් කරන ලදී. iPhone 5S ලෙසින් හැඳින්වුනු මෙම නවතම ස්මාට් දුරකථනයට විශේෂ ලක්ෂණ කීපයක් අන්තර්ගත කොට තිබුණත් පසුගිය මාදිලියට වඩා කැපී පෙනෙන වෙනසක් නැති බව විචාරක අදහසයි.

ඉතිරියත් කියවන්න…

Advertisements

සැම්සුන් උපන් රටේ අයගේත් වැඩි විශ්වාසය ඇපල් වලටලු…

Apple-samsung
දකුණු කොරියාව යනු සැම්සුන් සමාගමේ මව් භූමියයි. තම භූමියේ නිෂ්පාදනය කරන, තම සමාගමේ දුරකථන උපාංගයන් දකුණු කොරියානුවන් විසින් ආදරයෙන් වැළඳගත යුතු නමුත්, සිදුව ඇත්තේ එය නොවේ. සැම්සුන් උපන් රටේ සැම්සුන් උපාංගවලට වඩා ඇපල් උපාංගවලට දකුණු කොරියානුවන්ගේ වැඩි විශ්වාසයක් ඇති බව මෑතකදී කළ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. ඊට අනුව සිය රටේ සැම්සුන් දුරකථනවලට වඩා වැඩි පාරිභෝගික කැමැත්තක් ඇපල් උපාංගවලට ඇති බව පෙනී යනවා. ඉතිරියත් කියවන්න…

දුරකථනය පර්ස් එකක් කරන NFC තාක්ෂණය

ෆෝන් එකෙන් මුදල් යවන්න හා ගෙවන්න අපේ රටේ උදවිය මුලදී නම් ටිකක් ඈලි මෑලි වුනා. නමුත් මේ වන විට නම් ක්‍රම ක්‍රමයෙන් ජනතාව මනි ඕඩර් වලට සමුදෙමින් ෆෝන් එකෙන් මුදල් යවන්නටත් ගෙන්වා ගැනීමටත් හුරුවෙමින් පවතී. කෙසේ වුවත් මෙමගින් මුදල් යැවීම ඉතාමත් සුන්දර අත්දැකීමක් වුවත්, ලබන්නාට මුදල් ලබාගැනීමට නම් කමියුනිකේෂන් කඩ දහයකටවත් ගොඩ වැදීමට සිදුවේ. එයට හේතුව අපේ රටේ වෙළ‍ඳ ප්‍රජාව ස්වභාවයෙන්ම මුදල් ගැනීමට මිස දීමට එතරම් උනන්දුවක් නොදක්වන නිසායි.

කෙසේ වුවද අදාල සමාගමේ ශාඛා කාර්යාලයකට ගියොත් නම් ‘එන්න සර්… මෙන්න සල්ලි‘ කියා ඉක්මනින්ම මුදල් ලබාගත හැකිය. කෙසේ වුවද දුරකථනය හරහා මුදල් ගනුදෙනු වලට මේ වන විට අපේ රටේ ජනතාව ටිකෙන් ටික හුරුවෙමින් පවතී. අප මේ සටහන ලියන්නට හිතුවේ දුරකථනයෙන් මුදල් යැවීම නම් සරල කාර්යයෙන් ඔබ්බට ගිය නූතන මොබයිල් වාණිජකරණය ගැන ටිකක් කථා කරන්නටයි… ඉතිරියත් කියවන්න…