Blog Portal of Durakatana

Apple-samsung
දකුණු කොරියාව යනු සැම්සුන් සමාගමේ මව් භූමියයි. තම භූමියේ නිෂ්පාදනය කරන, තම සමාගමේ දුරකථන උපාංගයන් දකුණු කොරියානුවන් විසින් ආදරයෙන් වැළඳගත යුතු නමුත්, සිදුව ඇත්තේ එය නොවේ. සැම්සුන් උපන් රටේ සැම්සුන් උපාංගවලට වඩා ඇපල් උපාංගවලට දකුණු කොරියානුවන්ගේ වැඩි විශ්වාසයක් ඇති බව මෑතකදී කළ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. ඊට අනුව සිය රටේ සැම්සුන් දුරකථනවලට වඩා වැඩි පාරිභෝගික කැමැත්තක් ඇපල් උපාංගවලට ඇති බව පෙනී යනවා.

මිනිසුන් 44,168 ක් සහභාගි වූ මේ පාරිභෝගික සමීක්ෂණයේදී, තමන්ගේ iPhone උපාංගය දෝෂ සහිත යයි කියා සිටි පිරිසට වඩා බොහෝ වැඩි පිරිසක් තමන්ගේ සැම්සුන් ගැලැක්සි උපාංගය දෝෂ සහගත යැයි ප්‍රකාශ කර තිබෙනවා. මේ සඳහා අවුරුදු 16 ත් 64 ත් අතර වයස් මට්ටමේ අයවළුන් සහභාගී වී තිබෙනවා. මේ පිරිස අතරින් සිය ඇපල් ස්මාට්ෆෝනය යම් යම් දෝෂ පෙන්වන බව ප්‍රකාශ කර ඇත්තේ 17% පමණ ප්‍රතිශතයක් පමණි. කෙසේ වෙතත් සිය සැම්සුන් උපාංගයේ දෝෂ ඇති බව 31% ක්ම පවසා තිබුණා.

සැම්සුන් ගැලැක්සි උපාංගයන්හි දකින්නට ඇති ලොකුම දෝෂයක් ලෙස මේ සමීක්ෂණයේදී හෙළිවුනේ දුරකථනයේ බැටරිය ආශ්‍රිත දෝෂයි. ඒ ගැන 20% ක්ම චෝදනා කර සිටියා. LCD තිරයේ දෝෂයන්, picture quality අඩුවීම හා ඇමතුම් හා සම්බන්ධ දෝෂයන් මෙහිදී සැම්සුන් උපාංගවලට එරෙහිව නැගුනු චෝදනායි. මේ අතර ඇපල් උපාංගයන්ට නැගුනු චෝදනා වූයේ touch තිරවල හා විවිධ Buttons වල ක්‍රියා විරහිත වීම් ගැන පමණි.

ඇපල් උපාංගයන් දකුණු කොරියාවේ ඉතා ජනප්‍රිය වූවත්, එරට බහුතරයක් භාවිතා කරන්නේ සැම්සුන් උපාංගයි. ඇපල් සමාගමට දකුණු කොරියානු වෙළඳපොලෙහි හිමිවී ඇත්තේ 3% ක පමණ ප්‍රතිශතයක් පමණි. 2010 වසරේදී 23% ක් ඉක්මවා හිමිව තිබූ වෙළඳපොල ප්‍රතිශතය මේ වන විට බොහෝ අඩුවී ඇතත්, ඇපල් සමාගම කෙරෙහි දකුණු කොරියානුවන්ගේ ඇති විශ්වාසනීයත්වය ඉතා ඉහළ වන අතර එරට සාර්ථකම විදේශීය නිෂ්පාදක සමාගම වන්නේද ඇපල් සමාගමයි. Blackberry, Nokia, Motorola, HTC ආදී සමාගම් අභිබවා ගිය හොඳ වෙළඳාමක් දකුණු කොරියාව තුල ඇපල් සමාගම සතුවෙනවා.

සැම්සුන් සමාගමට දකුණු කොරියානු වෙළඳපොලෙහි තරඟයන් නැත. සිය රට තුල 65% ක පමණ වෙළඳපොලක් ඔවුන් සතු වන අතර ජාත්‍යන්තරයේ ගතහොත් 30% ක් පමණ ප්‍රතිශතයක් වේ. එය ඇපල් සමාගමේ ජාත්‍යන්තර වෙළඳපොල ප්‍රතිශතයට වඩා ඉතා ඉහළ අගයකි. ඒ කෙසේ වුවත්, සිය උපන් රටේ ජනතාව තම නිෂ්පාදන වලට වඩා ඇමෙරිකානු ඇපල් නිෂ්පාදන වලට වැඩි කැමැත්තක් දැක්වීම සැම්සුන් සමාගමේ පරාජයක් ලෙසින් දක්වන්නට ද පුළුවන්…

Advertisements

Comments on: "සැම්සුන් උපන් රටේ අයගේත් වැඩි විශ්වාසය ඇපල් වලටලු…" (4)

  1. In South Korea, Apple’s market share is 3% and that of Samsung is 65% (as per your article) and you deducted that South Koreans like Apple more than Samsung from that? Where did you learn your statistics?

    • //මිනිසුන් 44,168 ක් සහභාගි වූ මේ පාරිභෝගික සමීක්ෂණයේදී, තමන්ගේ iPhone උපාංගය දෝෂ සහිත යයි කියා සිටි පිරිසට වඩා බොහෝ වැඩි පිරිසක් තමන්ගේ සැම්සුන් ගැලැක්සි උපාංගය දෝෂ සහගත යැයි ප්‍රකාශ කර තිබෙනවා. මේ සඳහා අවුරුදු 16 ත් 64 ත් අතර වයස් මට්ටමේ අයවළුන් සහභාගී වී තිබෙනවා. මේ පිරිස අතරින් සිය ඇපල් ස්මාට්ෆෝනය යම් යම් දෝෂ පෙන්වන බව ප්‍රකාශ කර ඇත්තේ 17% පමණ ප්‍රතිශතයක් පමණි. කෙසේ වෙතත් සිය සැම්සුන් උපාංගයේ දෝෂ ඇති බව 31% ක්ම පවසා තිබුණා.//

  2. Want to know what is samsung original.dan market eke vietnam walin gahana ewa koria walin gahana ewai international veraion enawa.mama dakka internet eke emie ankaya 7,8 anka wala 0 yodapu ewa original kiyala.

    Original samsung phone ekak soyagannata tibena krama , codes, tiyana article ekak durakathana sagarawata athulat kalot prayojanawat kiyala hithanawa.

  3. iphone gana aththatama sahimakatapath wenna pulu wan.it’s accualy good itam.

ඔබේ ප්‍රතිචාර සටහන් කරන්න..එය අපට ශක්තියක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )