Blog Portal of Durakatana

Archive for ඔක්තෝබර්, 2013

ඩිජිටල් මතක පරිනාමය 2 ඩැට් වලින් වලා තීරයට

මේ ඩිජිටල් මතක පරිනාමයේ දෙවන කොටසයි මෙහිදී ඩැට් ටේප් වල සිට Cloud දක්වා ගමන් මග දැක්වෙනවා. (more…)

Advertisements

දෑතේ වීරියෙන් ෆෝන් එක චාර්ජ් කරමු

මතකද කළුවරේ බයිසිකල් පැදපු කාගේ ඩබල් දාලා තුන්දෙනෙක් එක්ක ඒ මදිවට විදුලියත් නිපදවගෙනම … ඒ කිවිවෙ පස්ස රෝදෙට හයිකරපු ඩයිනමෝව ගැනයි එදා අපි කළුවරේ ගිය අපේ පා පැදි ගමන් බිමන් වලදී පා පැදියේ හෙඩ් ලයිට් එක දල්වාගත්තේ මේ අපූරැ ගැජට්ටුවෙනුයි.

දැන් පොඩ්ඩක් හිතන්න ඔබේ ජංගම දුරකථනයේ බැටරිය හදිසියේ අභාවප්ප්‍රාප්ත වුනොත් ? ඔබට හදිසි ඇමතුමක් ගැනීමට අවශ්‍ය වුවහොත්…? නමුත් දුරකථනය චාජ් කරගැනීමට අවස්ථාවක් නැතිනම් මෙවැනි අවස්ථාවක ඔබ කරන්නේ කුමක්ද ? මේ සඳහා අපූරු විසඳුමක් තමයි මේ. මේ අතේ රැගෙන යන ඩයිනමෝ චාජරය මගින් මෙවැනි හදිසි අවස්ථා වලදී ඔබේ ජංගම දුරකථනය යාන්තම් චාජ් කරගන්නට පුළුවන්. චාජරයේ ඇති හැඬලය රවුමට කැරකැවීම මගින් විදුලිය උපදවන අතර චාජරය මත ඇති USB ආකාරයේ සම්බන්ධකය දුරකථනයේ ඬේටා කේබලය මගින් සම්බන්ධ කර මේ ඩයිනමෝ චාජරයෙන් ලැබෙන විදුලියෙන් දුරකථනය චාජ් කරගත හැකියි. ඉතිං මෙන්න මෙහෙමයි වැඩි වන විදුලි බිලට විස‍ඳුමකුත් වෙමින් දෑතේ වෙර වීරියෙන් අපේ ෆෝන් එක අපිම චාර්ජ් කර ගන්නේ…

මේක ලංකාවේ නම් මම තවම දැකල නෑ ගන්න තියෙනවද කියල පොඩ්ඩක් ගැජට් ෂොප් වල හොයන්න සමහර විට ඇති නැත්තම් E-bay shopping පාරක් දාන්න ඔයාට E-bay එකෙන් බඩු ගෙන්න ගන්න එක නුහුරැයි බයයි වගේ නම් ඒ ගැන හොඳින් දැනුවත් වෙන්න මේ දවස්වල රෑ පරිගණක සඟරාවෙ යනව වීඩියෝ පාඩමක් ඒක බලන්න හැමදේම විස්තර ඇතුව අබේරත්න මහත්මය පහදල දෙනව.

ඩිජිටල් මතකයේ පරිනාමය හෙවත් පන්ච් කාඩ් එකේ සිට වලාකුළු ගබඩාව දක්වා


කැමතිද අපේ ඩිජිටල් ලෝකයේ මතක පරිනාමය ගැන දැනගන්න ඒ නිසයි දුරකථන අපි මේ තොරතුරැ ග්‍රාෆිකය හැදුවේ මෙහි කොටස් දෙකක තියෙනවා දෙවන කොටස ලගදීම දෙන්නම්. මෙහි තිබෙන්නේ පැරණි පන්ච් කාඩ් ක්‍රමයේ සිට අපේ මතකයෙන් මැකී යමින් පවතින ඩිස්කට් එක දක්වා කථා පුවතයි. (more…)

මයික්‍රොසොෆ්ට් හා නොකියා එකතුවෙන් දුරකථන ලොව නව පරිච්ෙඡ්දයක් ඇරඹුනු වගයි…

නොකියා සමාගම මයික්‍රොසොෆ්ට් හි කොටසක් බවට පත්වේ.

දුරකථනය හා නොකියා යන නම දෙකක් නොව එකක් යැයි සිතෙන තරමටම අපට ඉතා සමීපය. වර්තමානයේ සැම්සුන් හා ඇපල් වැනි දැවැන්තයින් දුරකථන ක්ෂේත‍්‍රයේ ඉහළ තැන්හි වැජඹුනත්, අප දන්නා කාලයේ පටන් දුරකථන ක්ෂේත‍්‍රයේ ඉහළින්ම වැජඹුනේ නොකියා සමාගමයි. මෑතක් වන තුරුම ලොව විශාලතම දුරකථන නිෂ්පාදකයා වූ ෆින්ලන්ත නොකියා සමාගම ජංගම දුරකථන ක්ෂේත‍්‍රයේ පුරෝගාමී සමාගමක් වන අතර දශක හතරක පමණ කාලයක සිට ජංගම උපාංග නිෂ්පාදනයේ යෙදී සිටී. නොකියා මෙන්ම දුරකථන ලෝකයේ ප‍්‍රමුඛතම පුරෝගාමීයෙක් වූ මොටෝරෝලා සමාගම පසුගිය වසරේ ගූගල් සමාගම විසින් මිලදී ගන්නට යෙදිණි. මොටෝරෝලා සමාගමට මෙසේ ගූගල් යටතට පත්වූයේ මෝටෝරෝලා හි දුරකථන නිෂ්පාදන අංශය පසුබැස තිබුණු නිසායි. මොටෝරෝලා හා සමකාලීන පුරෝගාමියෙකු වූ නොකියා සමාගමද දැන් එ් පාරේම යමින් මයික්‍රොසොෆ්ට් සමාගම යටතට පත්ව තිබේ. (more…)

ස්ටීව් ජොබ්ස් සමරමු 2

අප අද දුරකථනයෙන් මේ අත්වි‍්දින තාක්ෂණික සුවපහසුව බිහි කලේ ඔහුයි ස්ටීව් ජොබ්ස් විසින් ප‍්‍රකාශ කළ ආදර්ශ පාඨ කීපයක් සටහන් කරන්නේ මේ විශිෂ්ඨ නිර්මාණකරුවාට සිදුකරන උපහාරයක් වශයෙනි..

slide-6-728

slide-11-728

slide-4-728

slide-10-728

slide-13-728

ස්ටීව් ජොබ්ස් සමරමු

තාක්ෂණ ලෝකයේ දැවැන්තයෙක් වන ඇපල් නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ගේ දෙවැනි අනුස්මරණය අද එනම් ඔක්තෝම්බර් මස 05 වැනිදාට
යෙදී තිබේ. ස්ටීව් ජොබ්ස් විසින් ප‍්‍රකාශ කළ ආදර්ශ පාඨ කීපයක් සටහන් කරන්නේ මේ විශිෂ්ඨ නිර්මාණකරුවාට සිදුකරන උපහාරයක් වශයෙනි.. (more…)