Blog Portal of Durakatana

නොකියා සමාගම මයික්‍රොසොෆ්ට් හි කොටසක් බවට පත්වේ.

දුරකථනය හා නොකියා යන නම දෙකක් නොව එකක් යැයි සිතෙන තරමටම අපට ඉතා සමීපය. වර්තමානයේ සැම්සුන් හා ඇපල් වැනි දැවැන්තයින් දුරකථන ක්ෂේත‍්‍රයේ ඉහළ තැන්හි වැජඹුනත්, අප දන්නා කාලයේ පටන් දුරකථන ක්ෂේත‍්‍රයේ ඉහළින්ම වැජඹුනේ නොකියා සමාගමයි. මෑතක් වන තුරුම ලොව විශාලතම දුරකථන නිෂ්පාදකයා වූ ෆින්ලන්ත නොකියා සමාගම ජංගම දුරකථන ක්ෂේත‍්‍රයේ පුරෝගාමී සමාගමක් වන අතර දශක හතරක පමණ කාලයක සිට ජංගම උපාංග නිෂ්පාදනයේ යෙදී සිටී. නොකියා මෙන්ම දුරකථන ලෝකයේ ප‍්‍රමුඛතම පුරෝගාමීයෙක් වූ මොටෝරෝලා සමාගම පසුගිය වසරේ ගූගල් සමාගම විසින් මිලදී ගන්නට යෙදිණි. මොටෝරෝලා සමාගමට මෙසේ ගූගල් යටතට පත්වූයේ මෝටෝරෝලා හි දුරකථන නිෂ්පාදන අංශය පසුබැස තිබුණු නිසායි. මොටෝරෝලා හා සමකාලීන පුරෝගාමියෙකු වූ නොකියා සමාගමද දැන් එ් පාරේම යමින් මයික්‍රොසොෆ්ට් සමාගම යටතට පත්ව තිබේ.

null

ඇපල් සමාගම විසින් i-phone සමගින් නවතම ස්මාට් දුරකථන සංස්කෘතියක් හඳුන්වා දීමත් සමග දුරකථන ක්ෂේත‍්‍රයේ නව පරිච්ෙඡ්දයක් ඇරඹිණි. ඇන්ඩ්‍රොයිඞ් ආගමනයෙන් එහි පිබිදීම තවත් ඉක්මන් කෙරිණි. නොකියා සමාගම විසින් ස්මාට් දුරකථන හඳුන්වා දුන්නේ 2000 වසරේ සිට පමණ කලින් වන නමුත් ඇපල් හා ඇන්ඩ්‍රොයිඞ් එක්ව ආ නූතන ස්මාට්ෆෝන් රැුල්ල මගින් නොකියා හි ආධිපත්‍යය තරමක් බිඳ වැටිණි. කෙසේ වුවත් මයික්‍රොසොෆ්ට් සමාගමේ Windows Phone මෙහෙයුම් පද්ධතිය භාවිතා කිරීමත් සමග නොකියා සමාගමට ස්මාට්ෆෝන් ලෝකයේ හොඳ තැනක් ලැබිණි. විශේෂයෙන්ම Windows Phone සඳහා වන නිළ නිෂ්පාදකයා නොකියා වූ නිසා ඔවුන් විසින් නිපදවන ලද Nokia Lumia දුරකථන පෙළ ඉතා ඉහළ තත්ත්වයක පැවතිණි. Lumia දුරකථන ඉතාමත් ආකර්ශණීය නිමාවකින් යුතුවූ අතර ඇපල් හා ඇන්ඩ්‍රොයිඞ් දුරකථන සඳහා විකල්පයකින් වෙමින් වෙළඳපොල තුළ හොඳ තරඟයක් දෙන්නට සමත්ව තිබේ.

වෙළඳ නාමයක් ලෙසින් ජනප‍්‍රියත්වය අඩුවීම ව්‍යාපාරයකට එතරම් සුභ ලකුණක් නොවේ. මේ නිසා සිය නොකියා නාමය නැවතත් ජනප‍්‍රිය කරවන්නට නම් ඒ සඳහා වර්තමාන දුරකථන වෙළඳපොල තුළ හොඳ තරඟයක් දිය හැකි ලෙසින් නවතම ගමන් මාර්ගයක් තෝරාගත යුතු බව නොකියා සමාගමට වැටහිණි. එ් අනුව සිය දිගු කාලීන ව්‍යාපාරික සහයෝගිතා සගයා වූ මයික්‍රොසොෆ්ට් සමාගමට නොකියා සමාගම පත් කරන්නට දැන් තීරණය වී තිබේ. එ් අනුව නව යුගයක ආරම්භය සටහන් කරමින් නොකියා සමාගම ලබන වසරේ පළමු කාර්තුව වන විට මුළුමනින්ම මයික්‍රොසොෆ්ට් සමාගමේ කොටසක් බවට පත් වනු ඇත.

පසුගිය සැප්තැම්බර් මස 03 වැනිදා මයික්‍රොසොෆ්ට් සමාගම හා නොකියා සමාගම සමූහ නිවේදනයක් කරමින් මෙම ගනුදෙනුව පිළිබඳව ලොවට දැනුම් දෙන ලදී. එ් අනුව ෆින්ලන්ත නොකියා සමාගම සතු උපාංග හා සේවා අංශය ද, නොකියා සතු පේටන්ට් අයිතීන් හා නොකියා හි සිතියම් සේවාවන් ද මයික්‍රොසොෆ්ට් සමාගමට අයිති වනු ඇත. මෙම ගනුදෙනුවේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 7.2 කි. එය සම්පූර්ණ වන්නේ 2014 වසරේ මුල් කාර්තුවේදීයි. නොකියා හි කොටස් හිමියන් විසින් අනුමත කිරීමත්, නියාමන අධිකාරීන් හි අනුමැතිය හා වෙනත් අවසන් කොන්දේසින් නිර්ණය කිරීමත් සඳහා යම් කාලයක් ගතවෙනු ඇති අතර, එ් සියල්ල අවසානයේ නොකියා හි දුරකථන නිෂ්පාදන අංශය මයික්‍රොසොෆ්ට් සමාගම යටතට පත්වනු ඇත.

නොකියා සමාගම සතු 32,000 ක පමණ සේවක පිරිසක් මෙහිදී මයික්‍රොසොෆ්ට් සමාගම සතු වනු ඇත. නොකියා සමාගමේ උපාංග නිර්මාණ කටයුතු, වැඩිදියුණු කිරීම් සහ නිෂ්පාදන අංශ භාරව කටයුතු කරන පිරිස මේ අතර වෙති. එ් අතර Lumia හා Asha යන වෙළඳ නාම සමග නොකියා නාමයද මයික්‍රොසොෆ්ට් සමාගමට පැවරේ. මේ සමගම නොකියා හි විධායක නිළධාරීන්ද මයික්‍රොසොෆ්ට් පාලනයට එක් වන අතර, නොකියා හි හිටපු ප‍්‍රධාන විධායක නිළධාරී ස්ටීවන් එලොප් (Stephen Elop) ද මේ අතර වේ. මෙතෙක් කාලයක් මයික්‍රොසොෆ්ට් සමාගමේ ප‍්‍රධාන විධායක තනතුර දැරූ ස්ටීව් බෝල්මර් පසුගිය මස සිය ඉල්ලා අස්වීම ප‍්‍රකාශයට පත් කළ අතර, අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ බෝල්මර් ගෙන් පසුව මයික්‍රොසොෆ්ට් සමාගමේ CEO තනතුරට හිටපු නොකියා ප‍්‍රධානී ස්ටීවන් එලොප් පත්වනු ඇති බවයි.

නොකියා ලුමියා දුරකථන පෙළ

ඇපල් හා ඇන්ඩ්‍රොයිඞ් වෙතින් එල්ල වුනු තරඟයට මුහුණදීම නොකියා සමාගමට තිබුණු විශාලතම ගැටළුවයි. එසේ නොවන්නට දුරකථන උපාංග නිෂ්පාදන සමාගමක් ලෙසින් එය ඉතා හොඳින් ක‍්‍රියාත්මක වෙමින් පැවතිනි. නොකියා සමාගම මයික්‍රොසොෆ්ට් යටතට පත් වන මොහොත වන විටත්, ලොව හොඳම පර්යේෂණාගාර, නිෂ්පාදනාගාර හා කාර්ය මණ්ඩලයක් සමගින් විශිෂ්ඨතම සම්පත් රැුසක් ඔවුන් සතුව තිබිණි. අන්තර්ජාතික දුරකථන බෙදාහරින්නෙක් ලෙසින් නොකියා වෙත ඇති ආකර්ශණය යම් තරමකින් පසු බැස තිබුණත්, තවමත් නොකියා යන නාමයට ඇති ඉල්ලූම අඩුව ගොස් නැත. මේ නිසා මෙතෙක් කල් මෘදුකාංග නිෂ්පාදකයෙක් ලෙසින් සිටි මයික්‍රොසොෆ්ට් සමාගමට දැන් නොකියා සමගින් උපාංග නිෂ්පාදකයෙක් ලෙසින් නව ගමනක් ඇරඹිය හැකි වනු ඇත. නොකියා හි විශිෂ්ඨ දෘඩාංග හා නිර්මාණ ශිල්පය සමගින් මයික්‍රොසොෆ්ට් මෘදුකාංග වඩාත් හොඳින් සංකලනය කරමින් විශිෂ්ඨ දුරකථන නිපැයුම් බිහිකළ හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

නොකියා සමාගම මයික්‍රොසොෆ්ට් යටතට පත් වූවාට, නොකියා නාමය දරණ නිෂ්පාදනයන් අනාගතයේදී ද වෙනසකින් තොරවම එළිදකිනු ඇත. මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නොකියා හි පාලනය භාරගැනීම හැර වෙනත් වෙනසක් සිදුවී නැත. ඒ නිසා නොකියා නිෂ්පාදනයන් තවත් විශිෂ්ඨභාවයට පත් වනු ඇතැයි උපකල්පනය කළ හැකියි. නොකියා මෙන්ම ගූගල් හා ඇපල් සමග තරඟයට මුහුණදෙන මයික්‍රොසොෆ්ට් සමාගම තමන්ට නුපුරුදු උපාංග නිෂ්පාදන ක්ෂේත‍්‍රයට පා තබන්නේ පළපුරුදු දෘඪාංග සමාගමක් වන නොකියා සමගයි. නොකියා සමග එක්ව තාක්ෂණ ලෝකයේ සිය නැතිවී ගිය මුල්තැන නැවත ලබාගන්නට මයික්‍රොසොෆ්ට් සමාගමට හැකිවේද යන්න ඉදිරියේදී දැකබලා ගත හැකි වනු ඇත. තාක්ෂණ ලෝකයේ මේ දැවැන්තයන් දෙදෙනාගේ සුසංයෝගය දුරකථන ලෝකයේ න සංධිස්ථානයක් සනිටුහන් කරන අතර මෙයින් ඇරඹෙන නව පරිච්ෙඡ්දය නොකියා හා මයික්‍රොසොෆ්ට් සමාගම් වලට මෙන්ම මුළු මහත් දුරකථන, සන්නිවේදන ලෝකයටම අළුත් ගමනක් වනු ඇති බව අපගේ අදහසයි…

Advertisements

Comments on: "මයික්‍රොසොෆ්ට් හා නොකියා එකතුවෙන් දුරකථන ලොව නව පරිච්ෙඡ්දයක් ඇරඹුනු වගයි…" (1)

  1. දැන් නොකියා වෙලදනාමය නෑ නේද.?

ඔබේ ප්‍රතිචාර සටහන් කරන්න..එය අපට ශක්තියක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )