Blog Portal of Durakatana

මතකද කළුවරේ බයිසිකල් පැදපු කාගේ ඩබල් දාලා තුන්දෙනෙක් එක්ක ඒ මදිවට විදුලියත් නිපදවගෙනම … ඒ කිවිවෙ පස්ස රෝදෙට හයිකරපු ඩයිනමෝව ගැනයි එදා අපි කළුවරේ ගිය අපේ පා පැදි ගමන් බිමන් වලදී පා පැදියේ හෙඩ් ලයිට් එක දල්වාගත්තේ මේ අපූරැ ගැජට්ටුවෙනුයි.

දැන් පොඩ්ඩක් හිතන්න ඔබේ ජංගම දුරකථනයේ බැටරිය හදිසියේ අභාවප්ප්‍රාප්ත වුනොත් ? ඔබට හදිසි ඇමතුමක් ගැනීමට අවශ්‍ය වුවහොත්…? නමුත් දුරකථනය චාජ් කරගැනීමට අවස්ථාවක් නැතිනම් මෙවැනි අවස්ථාවක ඔබ කරන්නේ කුමක්ද ? මේ සඳහා අපූරු විසඳුමක් තමයි මේ. මේ අතේ රැගෙන යන ඩයිනමෝ චාජරය මගින් මෙවැනි හදිසි අවස්ථා වලදී ඔබේ ජංගම දුරකථනය යාන්තම් චාජ් කරගන්නට පුළුවන්. චාජරයේ ඇති හැඬලය රවුමට කැරකැවීම මගින් විදුලිය උපදවන අතර චාජරය මත ඇති USB ආකාරයේ සම්බන්ධකය දුරකථනයේ ඬේටා කේබලය මගින් සම්බන්ධ කර මේ ඩයිනමෝ චාජරයෙන් ලැබෙන විදුලියෙන් දුරකථනය චාජ් කරගත හැකියි. ඉතිං මෙන්න මෙහෙමයි වැඩි වන විදුලි බිලට විස‍ඳුමකුත් වෙමින් දෑතේ වෙර වීරියෙන් අපේ ෆෝන් එක අපිම චාර්ජ් කර ගන්නේ…

මේක ලංකාවේ නම් මම තවම දැකල නෑ ගන්න තියෙනවද කියල පොඩ්ඩක් ගැජට් ෂොප් වල හොයන්න සමහර විට ඇති නැත්තම් E-bay shopping පාරක් දාන්න ඔයාට E-bay එකෙන් බඩු ගෙන්න ගන්න එක නුහුරැයි බයයි වගේ නම් ඒ ගැන හොඳින් දැනුවත් වෙන්න මේ දවස්වල රෑ පරිගණක සඟරාවෙ යනව වීඩියෝ පාඩමක් ඒක බලන්න හැමදේම විස්තර ඇතුව අබේරත්න මහත්මය පහදල දෙනව.

Advertisements

Comments on: "දෑතේ වීරියෙන් ෆෝන් එක චාර්ජ් කරමු" (2)

  1. mona mase රෑ පරිගණක සඟරාවේ ද ebay gana thibbe.

ඔබේ ප්‍රතිචාර සටහන් කරන්න..එය අපට ශක්තියක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: