Blog Portal of Durakatana

Archive for නොවැම්බර්, 2013

E-tel Quriosity i6 දුරකථන විමසුම වීඩියෝව

මේ දවස්වල අඩු මිලකට ගන්න පුලුවන් හො‍්ඳ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගැන කියද්දි E-tel Quriosity seris එක ගැන නොකියා බෑ. ඒනිසා අපි තීරණය කලා ඒ ගැන වීඩියෝ Review එකක් කරල ඔයාලට දෙන්න. ඉතින් ඔයාලත් අලුතින් ෆෝන් එකක් ගන්න ඉන්නවනම් අපේ දුරකථන චැනල් එකට ගොඩවෙලා ඒකේ තියෙන වීඩියෝ එහෙම බලල දැනුවත්වෙලා ෆෝන් ෂොප් එකකට යන එක තමයි නුවනට හුරැ. එතකොට කඩේ ඉන්න අයියලාට ඔයාලව අන්දන්න අමාරැයි. මේ වීඩියෝ එකේ තියෙන්නේ E-tel I6 ෆෝන් එක ගැනයි. (more…)

Advertisements

ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ ඉතිහාසය…

ලෝකයේ දැනට භාවිතා වන ජංගම දුරකථන වලින් වැඩි බහුතරයකම මෙහෙයුම් පද්ධති මෘදුකාංගය වන්නේ ඇන්ඩ්‍රොයිඩ් (Android) මෙහෙයුම් පද්ධතියයි. දැනට භාවිතයේ ඇති මෙහෙයුම් පද්ධති අතරින් සරල, පහසු මෙන්ම වැඩි විශේෂාංග හා හැකියාවන්ගෙන් යුතු ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය ලොව බොහෝ ජනප්‍රියයි. 2008 වසරේ සැප්තැම්බරි මාසයේ සිට මේ දක්වා ඇන්ඩ්‍රොයිඩ් පද්ධතිය විවිධ වැඩි දියුණු කිරීම් වලට ලක් වෙමින් විවිධ සංස්කරණ වලින් එළි දක්වා ඇති අතර ඒ එක් එක් සංස්කරණයන් පිළිබඳවත්, වසරින් වසරට ඇන්ඩ්‍රොයිඩ් හි භාවිත ප්‍රතිශතය වර්ධනය වුනු ආකාරය ගැනත් මෙහි දක්වා තිබේ. (more…)

ජංගම දුරකථනයෙන් ප්‍රින්ට් කරන හැටි…!

1990 දශකයේ පමණ සිට ලොව පුරා ප්‍රචලිත වන්නට වූ නිවෙස් පරිගණක නොහොත් පුද්ගල පරිගණක (PC) නිසා අපේ වැඩ කටයුතු ගොඩාක් පහසු වුනා. ඒ පහසුව තවත් වැඩි කරගන්න මේසේ උඩ තියන ඩෙස්ක්ටොප් පරිගණකය පොඩි කරලා ලැප්ටොප් පරිගණකය හැදුවා. ඩෙස්ක්ටොප් කම්පියුටරයක වගේ ඕනෙම වැඩකට ඔට්ටු ලැප්ටොප් පරිගණක දැන් තියෙනවා. එතනින් තවත් ඉස්සරහට ගිහින් දැන් පරිගණකයෙන් කරපු ඉන්ටර්නෙට් හා ඊමේල් පරීක්ෂාවන්, විවිධ දේ ඩවුන්ලෝඩ් කිරීම, file share කිරීම, ගීත ඇසීම හා වීඩියෝ නැරඹීම ආදී සෑම දෙයක්ම දැන් අපේ අත්ල උඩ තියෙන ස්මාට් ෆෝන් එකෙන් කරගන්න පුළුවන්. කෙටියෙන්ම කිව්වොත් පරිගණකය දැන් අපේ අත්ල උඩටම ඇවිත්. ඒත් ජංගම දුරකථනයට කරන්න බැරි වැඩත් තියෙනවා. ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නේ ෆෝන් එකෙන් ප්‍රින්ට් කරන්න බෑ කියලා… ඒක ඇත්තද ? (more…)

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළු ඉතිහාසයේ පළමු ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය ශ්‍රී ලංකාවෙන්…

ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා සත්කාරක රට ලෙස සියළු කටයුතු සම්පාදනය කරමින් උත්කර්ෂවත් ලෙස එය පැවැත්වීමට මේ වන විට සියළු කටයුතු සිදුවෙමින් පවතී. මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබුනේ පළමු වතාවට වන අතර ආසියානු රටක් පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවක සත්කාරකත්වය දරන්නේ වසර 24 ක් වැනි දීර්ඝ කාලයකට පසුව වීම ද විශේෂත්වයකි. ශ්‍රී ලාංකිකයන් ලෙස අප මහත් සතුටට හා ආඩම්බරයට පත් විය යුතු අවස්ථාවක් වන මෙම සමුළුව වෙනුවෙන් විවිධ එළි දැක්වීම් මේ වන විටත් සිදුකර ඇති අතර ඉදිරියටත් සිදුකෙරනු ඇත. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව උදෙසා තේමා ගීත, සමරු කලාප, පොත් පත්‍රිකා මුද්‍රණය ආදී කටයුතු සිදු කෙරෙමින් පවතින අතරතුරදී ඒ වෙනුවෙන් නිර්මාණය වුනු නවතම ආකාරයේ එළි දැක්වීමක් ගැන ඔබට කියන්නයි මේ සූදානම… ඉතිරියත් කියවන්න…

හොඳ ස්මාට් ෆෝන් එකක් තෝරා ගන්නේ කෙසේද ?

best smart phones of 2013

Cell Phone, Smartphone වලට පසුව Tablet හා Phone එක්ව සෑදුනු Phablet දක්වා දුරකථන වෙළඳපල පුළුල් වී ඇත. විවිධ දුරකථන නිෂ්පාදකයින් විවිධ හැඩයේ හා ප්‍රමාණයේ දුරකථන වෙළඳපලට නිකුත් කරනු ලබන අතර ඒ සියල්ලම එකිනෙකා පරදවා පාරිභෝගික ප්‍රසාදය දිනා ගැනීමට විවිධ සිත් ඇදගන්නා සුළු පහසුකම් හා විශේෂීකරණයන් සිය ජංගම උපාංගවලට ඇතුළත් කරති. මෙම Features කෙතරම් චිත්තාකර්ශණීය ද යත්, ජංගම උපාංග මිලට ගැනීමේදී කුමක් තෝරා ගන්නවා දැයි අපටම සිතාගත නොහැකිය. එබැවින් දුරකථනයක් මිළට ගැනීමට වෙළඳපලට ගියවිට ඔබ මෙම Features අතර අතරමං වී ඔබට නොගැලපෙන ජංගම උපාංගයක් රැගෙන ඒමේ හැකියාව ඉතා ඉහළය. මෙම ගැටළුව වලකා ගැනීමට, 2013 වසරේ ජනප්‍රිය වූ විවිධ නිෂ්පාදකයන්ගේ සුපිරි ජංගම දුරකථන හා Phablet කිහිපයක විස්තර ඔබ වෙත ගෙන එන්නෙමු. (more…)

ජංගම දුරකථනයේ උපත

Flower-Phone
දුරකථන බ්ලොග් පිටුවට සපැමිනි පිරිස මේ වන විට මාස දෙකක් තුල දස දහසක් ඉක්මවීම සතුටට කරුනකි. එය අප තව තවත් දිරිමත් කරන්නකි අපගේ මුද්‍රිත ප්‍රකාශනයට සමගාමීව මෙම ඩිජිටල් ප්‍රකාශනය බිහිවූ අතර එය සිංහල බ්ලොග් අවකාශය තුල ඇති සමහර බ්ලොග් සින්ඩිකේටරයන් වෙත මාස දෙකක් තිස්සේ ඉල්ලීම් කලද තවමත් අප ඇතුලත් කරගෙන නොමැති වීම කනගාටුවට කරැනකි.කෙසේ වුවද ඉදිරියේදී හෝ අප අනෙකුත් සිංඩිකේටරයන් තුලට ඇතුල්කරගනු ඇතැයි බලාපොරොත්තු වෙමු අද සිට ජංගම දුරකථනයේ උපත ලිපි මාලාව ඔබ වෙත ගෙන එන්නෙමි. (more…)