Blog Portal of Durakatana

ජංගම දුරකථනයේ උපත

Flower-Phone
දුරකථන බ්ලොග් පිටුවට සපැමිනි පිරිස මේ වන විට මාස දෙකක් තුල දස දහසක් ඉක්මවීම සතුටට කරුනකි. එය අප තව තවත් දිරිමත් කරන්නකි අපගේ මුද්‍රිත ප්‍රකාශනයට සමගාමීව මෙම ඩිජිටල් ප්‍රකාශනය බිහිවූ අතර එය සිංහල බ්ලොග් අවකාශය තුල ඇති සමහර බ්ලොග් සින්ඩිකේටරයන් වෙත මාස දෙකක් තිස්සේ ඉල්ලීම් කලද තවමත් අප ඇතුලත් කරගෙන නොමැති වීම කනගාටුවට කරැනකි.කෙසේ වුවද ඉදිරියේදී හෝ අප අනෙකුත් සිංඩිකේටරයන් තුලට ඇතුල්කරගනු ඇතැයි බලාපොරොත්තු වෙමු අද සිට ජංගම දුරකථනයේ උපත ලිපි මාලාව ඔබ වෙත ගෙන එන්නෙමි.


ගඩොල් භාගයේ සිට ආ ගමන් මග

වර්තමානයේ විවිධ නම් වලින් හා විවිධ මාදිලියෙන් පැමිණෙන ජංගම දුරකථන වල මූලාරම්භය කුමක් දැයි ඔබ සිතුවාද? එම ප‍්‍රශ්ණය ඔබට ලබාදුන හොත් ඔබ බොහෝ විට දෙන පිළිතුර වනුයේ ‘‘ගඩොල් බාග’’ දුරකථන යන්නයි. ඔබ වැරදිය. ගඩොල් බාග දුරකථන හෙවත් පළමු පරම්පරාවේ අති විශාල ජංගම දුරකථන, ජංගම දුරකථන ඉතිහාසයේ එක් පියවරක් පමණි. සත්‍ය ලෙසම ජංගම දුරකථනයේ ඉතිහාසය 1800 දක්වා ඇදී යන බව ඔබ දැන සිටියාද?

දුරකථනයට පෙර බිහිවූ පණිවිඩ කොටන කලාව Telegraph

වත්මන් ජංගම දුරකථන භාෂාවෙන් දුරකථනයක ‘‘කෙටීම’’ ලෙස හඳුන්වන්නේ SMS Type කිරිමයි. ජංගම දුරකථනයේ ආරම්භක සංකල්ප අතරින් එක් සංකල්පයක් ලෙස මෙය හඳුන්වාදීමට හැකිය. 1800 දී පුද්ගලික හා ව්‍යාපාරික සන්නිවේදනය සඳහා තිබුනේ ප‍්‍රධාන ක‍්‍රම 2 කි. එකක් තැපෑල වූ අතර අනෙක Telegraph යන්ත‍්‍රය විය. ටෙලිග‍්‍රාෆ් යන්ත‍්‍රය යනු ඉතා සරළ මට්ටමේ මට්ටමේ SMS යැවීමේ ක‍්‍රමයක් ලෙස හැඳින්වීම නිවැරදිය. මේ මගින් පණිවිඩ යැවීමට භාවිතා කළේ අන්තර් ජාතික Morse Code හෙවත් මෝස් කේත භාෂාවයි.තඹ ටෙලිග‍්‍රාෆ් කම්බි හරහා ඕනෑම තැනකට විදුලි තරංග මගින් පණිවිඩ යැවීම මෙමගින් සිදුකෙරුණු අතර 19 වන සියවස වන විට මෙම ටෙලිග‍්‍රාෆ් කම්බි මහද්වීප හා සාගර හරහාද පැතිර ගොස් තිබුනි.

පසුකාලීනව මදක් දියුනු කල ටෙලිග්‍රාප් යන්ත්‍රයක්

ටෙලිග‍්‍රාෆ් පණිවිඩ වල ප‍්‍රධාන ගැටළුව වූයේ පණිවිඩය Morse Code බවට පෙරළීමට හා Morse Code මගින් ලැබෙන පණිවිඩය නැවත ඉංග‍්‍රීසියට හැරවීමට Morse Code දන්නා අයෙකු හැම විටම Teligraph යන්ත‍්‍රය අසල සිටිය යුතු වීමයි. යම් ලෙසකින් Teligraph පණිවිඩය මග හැරුනොත්, ඔබට Missed Call Alert නම් නොලැබේ. ස්ථාවර දුරකථනය කළ එළි බසියි 1876 දී ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම් බෙල්, ශබ්දය ඉලෙක්ට්‍රෝන ධාරාවක් ලෙස ජලය හා වාතය තුළින් ගමන් කරන බව සොයා ගෙන, එම පදනම මත මිනිස් කටහඬ ඉලෙක්ට්‍රෝන ධාරාවක් විදුලි තරංගයක් බවට හරවා තඹ රැහැනක් දිගේ වෙනත් ස්ථානයකට යැවිය හැකි යන්ත‍්‍රයක් හෙවත් දුරකථනය නිපදවන ලදී. දුරකථනයේ ප‍්‍රධානතම වාසිය වූයේ
පණිවිඩය තේරෙන භාෂාවෙන් බාධාවකින් හා ප‍්‍රමාදවීම් වලින් තොරව නිසි ආකාරයෙන් ලබා ගත ගැනීමට හා ලබා දීමට හැකි වීමයි.

යුරෝපය හා ඇමරිකාව පුරා පැතිර පැටළුණු වයර් විමානය

දුරකථනයේ කලඑළි බැසීමෙන් සමගම ටෙලිග‍්‍රාෆ් යන්ත‍්‍ර එක්වරම අභාවයට ගියේ නැත. නමුත් දුරකථන ද පළමුව රාජ්‍ය ආයතනත් පසුකාලීනව ව්‍යාපාර ආයතනත් එකිනෙක සම්බන්ධ කිරීමට යොදාගන්නා ලදී. ඉක්මනින්ම ටෙලිග‍්‍රාෆ් කම්බි වලට අමතරව දුරකථන රැුහැන් ද මෙම රැුහැන් ජාලය හා එකට ‘‘පැටලී’’ ගියේය. මුල් කාලයේදී පරිගණක හා ඉලෙක්ට්‍රොනික තාක්‍ෂණය එතරම් දියුණු නොවූ නිසා සියලූම ඇමතුම් Manually
අතින් සම්බන්ධ කිරිමට සිදුවිය. මෙම ක‍්‍රමවේදය Switch Board ලෙස හඳුන්වයි. Switch Board එකක් යනු සාමාන්‍යයෙන් කුඩා ගමක නිවෙස් 20 ක් හෝ 30 ක් තුළ ඇති දුරකථන එකිනෙක සම්බන්ධ වන මධ්‍යස්ථානයක් වැනිය. ඔබ පළමුවන නිවසේ සිට 20 වන නිවසට දුරකථන ඇමතුමක් දීමේදි පළමුව Switch Board ක‍්‍රියාකරුට කථා කළ යුතු අතර එතැනින් ඔබේ ඇමතුම 20 වන නිවසට සමිබන්ධ කරනු ලැබේ.

මෙම ක‍්‍රමයේ අවාසිය වූයේ ඔබ වෙනත් රටකට කථා කිරිමේදී ඔබේ ප‍්‍රදේශයේ Switch Board ක‍්‍රියාකරුට කථා කළ පසු එතැනින් ඔබේ පළාත් Switch Board මධ්‍යස්ථානයට, ඔබේ රටේ Switch Board මධ්‍යස්ථානයට යනාදී ලෙස මධ්‍යස්ථාන ගණනාවක් හරහා ඇමතුම සම්බන්ධ වීමට මිනිත්තු ගණනාවක් ගතවීමයි.

දුරකථකන ක්‍රියාකරවන්නියක් විසින් ඇමතුම් අතින් සම්භන්ධ කිරීම

රැහැනෙන් මිදී රැහැන් රහිත ලොවක් කරා.

මාර්කෝනිගේ රේඩියෝව සැබවින්ම අනභිබවනීය යන්ත‍්‍රයක් විය. මෙමගින් එක් තැනක සිට තවත් තැනකට අපහසුවකින් තොරව හා රැහැන් රහිතව පණිවිඩයක් දීමට හැකි විය. පසුකාලීනව දියුණු වූ සංඛ්‍යාත මූර්ජනය (FM) හා මුල් කාලීන විස්තාර මූර්ජනය (AM) මගින් නිසි සංඛ්‍යාතයක් (Frequency : 192 MHz, 127.5 MHz) ඔස්සේ පණිවිඩයක් දීමට හා ලබා ගැනීමට හැකි රේඩියෝ උපාංග නිපදවන ලද අතර මේවා තව තවත් වැඩි දියුණු කිරිමට මාර්කෝනි, මාර්කෝනි සමාගම නමින් රේඩියෝ උපාංග සමාගමක් ඇරඹුවේය.


මාර්කෝනි සිය රේඩියෝවත් සමග

1912 දී ටයිටැනික් නෞකාව ගිලීයාමත් සමග සංඛ්‍යාත කිහිපයකට එකවර සවන් දිය හැකි රේඩියෝ උපකරණ සියලූම නෞකා වල හා නෞකා පාලක මධ්‍යස්ථාන හා වරාය වල තැබිය යුතු යැයි නීතියක් සම්පාදනය වීම 1940 වන විට සංගීතය, ප‍්‍රවෘත්ති, ක‍්‍රීඩා හා බොහෝ වැඩසටහන් ලොව
පුරා විකාශය වන ගුවන් විදුලි තරංග ජාලයක් ලොව බිහි කිරීමට පාදකවූ ප‍්‍රධානම හේතුව ලෙස සැලකේ…

දුරකථනයේ උපත තවත් කොටසක් ඉදිරියේදී…

Advertisements

Comments on: "ජංගම දුරකථනයේ උපත" (3)

  1. Nice. Its very good. all the best

  2. මේ ලිපියේ ඉතිරිය කෝ ? ජී:එස්:එම් තාක්‍ෂණය ගැන විස්තරයක් තියෙනවානම් හොදයි !

    • ඉතිරි කොටස ඉක්මනින්ම පළ කරනවා ක්‍රිෂාන්… GSM සිට 4G දක්වාම විස්තරයක් මේ ලිපි පෙලෙහි තියෙනවා… ඉදිරියේදී ඉඩ ඇති විදියට ඒවා පළවේවි… රැඳී සිටින්න අප සමග…

ඔබේ ප්‍රතිචාර සටහන් කරන්න..එය අපට ශක්තියක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )