Blog Portal of Durakatana

Archive for දෙසැම්බර්, 2013

ආයුබෝවන් 2014…. ඔබට සුභ නව වසරක් වේවා..!

New-Years-2014-

නව වසරේ උදාවත් සමග දුරකථන සඟරාව කලාප 12 ක් නිකුත් කර වසරක් සපිරෙනවා ආසන්න අනාගකයේදී  තාක්ෂණික දැනුම සොයනා ලාංකීය පාඨකයින් හට දුරකථන දැනුම සිංහලෙන් ගෙන එන්නට අප දැරෑ උත්සාහය මල් එල ගැන්වී තීබීම සතුටට කරැණකි. පැයෙන් පැය දිනෙන් දින යාවත්කාලීන වන දුලබ දැනුම ඔබ වෙත ගෙන එන්නට පුරෝගාමීන් වීම පිළිබ‍ඳව අප තුල ඇත්තේ අසීමිත සතුටකි…

ඔබ අපව දිරිමත් කරමින් හා අපගේ අඩුපාඩු පවසමින් කරන ක‍මෙන්ටුවකින් අපට ලැබෙන්නේ ඉමහත් ශක්තියකි. මේ ලැබූ වසරේදීත් අප සමග රැඳී සිටිමින් නිබඳ අප දිරිමත් කරන ගමන් සගයකු වන්නැයි මා ඔබට ඇරයුම් කරමි..

ගෙවුනු 2013 වසර අපට සුවිශේෂී වූවකි ඒ අප ප්‍රථම වරට ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් හෙවත් යෙදවුම් මෘදුකාංග අපේ බසින් නිපදවා ගූගල් ඇප් සංචිතයට නිකුත් කිරීම ඇරඹූ නිසාවෙනි..  එහි සමාරම්භය සනිටුහන් කලේ අපගේ දුරකථන ඇප් එක හරහාය. ඉනික්බිති කාලීන තේමාවක් හා අපේ රටට වැදගත් සිදුවීමක් වූ CHOGM  සමුළුව තේමා කරගනිමින් එම සමුළු ඉතිහාසයේ ප්‍රථම ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් මෘදුකාංගය නිමැවීමට අපට හැකියාව ලැබුනි.  එයට ලැබුනු ඉතා හොඳ ප්‍රතිචාර හා හෙළ බස සමගින් ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් නිමැවන්නේ කෙසේද යන අභ්‍යාශමය අත්දැකීම අප තව තවත් එවැනි නිමැවුමු කරණයට පෙළඹ වීය..

ඉතිං ආදරනීය මිතුරනේ අප ඔබට 2014 වසර ස‍ඳහා පිරිනමන ඇන්ඩ්‍රොයිඩ් තිළිණය තව සුළු මොහොතකින් බලාපොරොත්තු වන්න..

ඔබ සැමට දැනුම තව තවත් මුවහත් කරගත හැකි ලබනා දැනුමින් ඔබටත් රටටත් වැඩක් කල හැකි සිරි සුභ නව වසරක්ම වේවා !

බන්දුල අත්තනායක, ආනන්ද අබේරත්න, චතුරංග පෙරේරා, පුනීත් විතාරණ පුමුඛ රෑ පරිගණක හා දුරකථන සඟරා ද්ව්ත්වයේ

සංස්කාරක මඩුල්ල…

 

Advertisements

දුරකථනයෙන් print කරමු….

Cloud Print

ඕනෑම තැනක සිට ඕනෑම පරිගණකයකින්, Smartphone එකකින් හෝ Tablet එකකින් ඔබේ ප්‍රින්ටරයට printouts එවීමට හැකි යැයි ඔබ දැන සිටියාද ? කලකට පෙර එවන් පුවතක් ඔබ අවඥාවෙන් බැහැර කරනු ඇති වුවද, දැන් google සමගින් එම කරුණ සැබෑවක් බවට පත්වී ඇත. Google Cloud Print යනු ඔබට අවශ්‍ය ඕනෑම document එකක් අන්තර්ජාලය හරහා ඔබේ නිවසේ, කාර්යාලයේ හෝ මිතුරකුගේ ප්‍රින්ටරයකින් ප්‍රින්ට් කළ හැකි සම්පූර්ණ නොමිළේ සේවාවකි. (more…)

දුරකථන ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය දැන් නව මුහුණුවරකින්…

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම සන්නිවේදන තාක්ෂණ සඟරාව වන “දුරකථන” මුද්‍රිත ප්‍රකාශණයෙහි ඩිජිටල් එළි දැක්ම ලෙසින් දුරකථන Android App එක දැන් නිකුත් වී තිබේ. මීට පෙර නිකුත් කරන ලද පරීක්ෂණ මෘදුකාංගයට වඩා වැඩි පහසුකම් වලින් මෙන්ම තාක්ෂණික හැකියාවන්ගෙන් ද මෙම නව “දුරකථන” ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය වැඩි දියුණු කර තිඛෙන බව ඔබට දන්වන්නේ සතුටිනි. (more…)

ජංගම දුරකථනයේ උපත 2 – රේඩියෝව හා ටෙලිෆෝනය හාද වීමෙන් සෙලියුලර් බිහි වේ.

විසිවන සියවසේ මුල් භාගයේදී නිකොලා ටෙස්ලා, ගුග්ලි එල්මෝ මාර්කෝනි නිෂ්පාදනය කිරීමට උත්සාහ ගත් රැහැන් රහිත සන්නිවේදන උපකරණ සමග විද්‍යුත් චුම්භක තරංග ක්ෂේත්‍රයේ මුල් ගමන් කරුවකු වූ හෙන්රික් හර්ට්ස්ගේ විද්‍යුත් චුම්භක තරංග සංඛ්‍යාතකරණය එක් වීමත් සමග Radio තාක‍්ෂණයෙන් පණිවිඩ හුවමාරුව ලොව පුරා වේගයෙන් ප්‍රචලිත වී ගියේය. 1912 දී මගීන් දෙදහසකට පමණ මරු කැඳවමින් Titanic නෞකාව ගිලී යාමත් සමග සෑම නෞකාවකම Radio උපකරණයක් තිබිය යුතු බවත්, එමගින් නිරතුරුවම ගොඩබිම සමග සබඳතා පවත්වා ගත යුතු බවටත් නීති පනවන ලදී…..

විසිවන සියවසේ මැද භාගය වන විට ලොව පුරා ප්‍රචාරය කර හැරීමට තරම් ප්‍රබල රේඩියෝ සංඛ්‍යාත නිකුත් කළ හැකි රේඩියෝ මධ්‍යස්ථාන විවිධ දියුණු රටවල ස්ථාපනය වී තිබූ අතර දියුණු වූ රටවල නිවෙස්වල දුරකථනයක් හා රේඩියෝවක් දක්නට හැකිවිය. කෙසේ වුවත් දුරකථනවල භාවිතා වූයේ සම්ප්‍රදායික හා මන්දගාමී Switch board තාක‍ෂණයයි.
(more…)

රැහැන් රහිත ආරෝපනය හෙවත් වෑර්ලස් චාජින්

නව තාක‍ෂණය දියුණුවීමත් සමග අප රැහැන් රහිත ලොවක් කරා ගමන් කරමින් සිටින්නෙමු. රැහැන් රහිත දුරකථන, රැහැන් රහිත දත්ත හුවමාරුව, රැහැන් රහිත අන්තර්ජාලය රැහැන් රහිත රෑපවාහිනිය මේ රැහැන් රහිත කිරීමේ විප්ලවයේ කොටස්කරුවන්ය. රැහැන් රහිත ලොවේ නවතම විකාශනය වන්නේ රැහැන් රහිත බලශක්තියයි.

nokia සමාගම සිය nokia 920 දුරකථනය g මෙම තාක්ෂණය එක් කර තිබෙන අතර එය සාමාන්‍ය රැහැන් සහිත චාජරයකට සම්බන්ධ කිිරීමකින් තොරව Charge කප හැකිය. ඒ ස‍්හා කල යුත්තේ සමග එන Charger Pad එක විදුලියට සම්බන්ධ කර, දුරකථනය ඒ මතින් තැබීම පමණි.

මෙම Wireless Charging තාක‍ෂණය QI ලෙස හඳුන්වන අතර මෙය චීන වදනකි. මෙහි අර්ථය නම් “ශක්ති කදම්භය” යන්නයි. විදුලිය හා චුම්භකත්වය එක්කොට විද්‍යුත් චුම්භක කලාප පිහිටුවීම මගින් විදුලි ධාරාවක් රැහැන් රහිතව එක් තැනක සිට තවත් තැනකට සම්ප්‍රේශණය කිරීම QI තාක‍්ෂණයේ පදනමයි.Qi යනු තාක‍ෂණික මූලධර්මයකටත් වඩා තාක‍ෂණික තත්ත්ව පදනමක් වීම වැදගත් කරුණකි. එනම් මෙම තාක‍ෂණය භාවිතා කිරීමට නම් එකම ආකාරයක Hardware Componant දුරකථනවල තිබිය යුතුය. මේ නිසා අනාගතයේ සියලූම රැහැන් රහිතව චාජ් කරවන දුරකථනයක් QI චාජර් පෑඩ් එකක් මගින් ආරොපනය කළ හැකි වනු ඇත. දැනටමත් Nokia, LG, Motorola, HTC, Huawei, Sony සහ Samsung යන සමාගම්‍ මෙම තාක‍ෂණය ඔවුනගේ නව දුරකථන වලට ක්‍රම ක්‍රමයෙන් ඇතුළත් කිරීමෙහි උනන්දුවක් පෙන්නුම් කරති.

qi_charging

මෙම තාක‍ෂණය ක්‍රියා කරන ආකාරය භෞතික විද්‍යාත්මකව නම් එතරමි සංකීර්ණ නොවුනත්, එය වටහා ගැනීම සාමාන්‍ය විද්‍යාත්මක දැනුමක් ඇති අයට තරමක් අපහසු බැවින් මෙය හැකි තරම් සරළ ලෙස විස්තර කරන්නම්.

සාමාන්‍යයෙන් විද්‍යුත් ධාරාවක් නිපදවීමට නම් විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයක් තුළ චලනය වන සන්නායකයක් තිබිය යුතුයි. බයිසිකල් ඩයිනමෝවේ සිට මහා විදුලි උත්පාදක ටර්බයිනයන් දක්වා වන විදුලි ජනනයේ මූලික සිද්ධාන්තය මෙයයි. මෙම සන්නායකය බොහෝ විට තඹ හෝ ඇලූමිනියම් කොයිල් එකක් හෙවත් දඟරයක් වීමට අඩ ඇත.

QI තාක‍ෂණය නියමයන්ට අනුව රැහැන් රහිතව සම්ප්‍රේෂණය කළ හැක්කේ අවම බලයක් සහිත 0 සිට 5w දක්වා වූ විද්‍යුත් ධාරාවකි. විදුලිය සම්ප්‍රේෂණය කිරීමට එක් Transmeter Coil එකක් ද, සම්ප්‍රේෂණය ලබා ගැනීමට Recever Coil එකක් ද, අවශ්‍ය වේ. QI යටතේ විදුලිය සම්ප්‍රේෂණය කළ හැකි දුර මිලි මීටර 5 සිට 40 දක්වා ප්‍රමාණයකි. මෙම Transmeter Coil එක ප්‍රධාන විදුලි පරිපථයට සම්බන්ධිත Charging Pad එක තුළද, Receiver Coil එක දුරකථනය තුළද පිහිටා තිබේ.

චාජර් පෑඩ් එක විදුලියට සම්බන්ධ කළ විට එහි ඇති ට්‍රාන්ස්මීටර් කොයිල් එක මගින් ධාරාව විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් බවට පත් කරයි. මෙම ක්ෂේත්‍රයේ විශාලත්වය උපරිම වශයෙන් මිලි මීටර 40 ක් (අඟල් 1.6 ක්) පමණ වේ. මෙම චුම්භක ක්ෂේත්‍රය තුළට, සරළව කියතොත් ට්‍රාන්ස්මීටර් කොයලය සහිත අදාල චාජර් පෑඩ් එක උඩින් රිසීවර් කොයල් එකක් සමගම නිපදවා ඇති උපාංගය හෝ දුරකථනය තැබූ විට මෙම කොයිල් දෙක එකිනෙක සම්භන්ධ වේ. ඉන්පසු දුරකථනයේ ඇති රිසීවර් කොයිලයෙන් ඉල්ලා සිටින ප්‍රමානයට චාජර් පෑඩ් එකේ ඇති ට්‍රාන්ස්මීටර් කොයිල් එක මගින් විද්‍යුත් චුම්භක ධාරාව විදුලි ධාරාවක් බවට හරවා දුරකථනයේබැටරියට ආරෝපණය කරනු ලබයි.

බොහෝ දෙනා නොදැන සිටිය ද Qi සංකල්පය ලොවට හඳුන්වා දුන්නේ 2009 තරම් ඈතකදී බව ඔබ දැන ගත යුතුය. එබැවින් මෙය අළුත් තාක‍ෂණයක්වත්, නුපුරුදු දෙයක් හෝ නොව කලක් අතහැර දමා තිබූ තාක‍්ෂණයක් පමණි. නමුත් මෙය ඉදිරියේදී දුරකථන ස‍ඳහා බහුල වශයෙන් භාවිතයට පැමිනීමට ඉඩ ඇත. එසේ වුවහොත් ‍ෆෝන් එක චාජ් කරන්නට ගොස් චාජරයේ පින් චුරකථනයේ චාජර් පෝට් එකට නිසිලෙස සම්භන්ධ නොවීම නිසා වි‍ඳින්නට සිදුවන කරදරයන් නම් නිමා වනු නිසැකය.