Blog Portal of Durakatana

විසිවන සියවසේ මුල් භාගයේදී නිකොලා ටෙස්ලා, ගුග්ලි එල්මෝ මාර්කෝනි නිෂ්පාදනය කිරීමට උත්සාහ ගත් රැහැන් රහිත සන්නිවේදන උපකරණ සමග විද්‍යුත් චුම්භක තරංග ක්ෂේත්‍රයේ මුල් ගමන් කරුවකු වූ හෙන්රික් හර්ට්ස්ගේ විද්‍යුත් චුම්භක තරංග සංඛ්‍යාතකරණය එක් වීමත් සමග Radio තාක‍්ෂණයෙන් පණිවිඩ හුවමාරුව ලොව පුරා වේගයෙන් ප්‍රචලිත වී ගියේය. 1912 දී මගීන් දෙදහසකට පමණ මරු කැඳවමින් Titanic නෞකාව ගිලී යාමත් සමග සෑම නෞකාවකම Radio උපකරණයක් තිබිය යුතු බවත්, එමගින් නිරතුරුවම ගොඩබිම සමග සබඳතා පවත්වා ගත යුතු බවටත් නීති පනවන ලදී…..

විසිවන සියවසේ මැද භාගය වන විට ලොව පුරා ප්‍රචාරය කර හැරීමට තරම් ප්‍රබල රේඩියෝ සංඛ්‍යාත නිකුත් කළ හැකි රේඩියෝ මධ්‍යස්ථාන විවිධ දියුණු රටවල ස්ථාපනය වී තිබූ අතර දියුණු වූ රටවල නිවෙස්වල දුරකථනයක් හා රේඩියෝවක් දක්නට හැකිවිය. කෙසේ වුවත් දුරකථනවල භාවිතා වූයේ සම්ප්‍රදායික හා මන්දගාමී Switch board තාක‍ෂණයයි.

රේඩියෝව හා දුරකථනය හාදවෙයි
Radiophone

1939 දී ඇරඹුණු දෙවන ලෝක යූද්ධය මිලියන ගණනක් ජීවිත බිලිගත්ත ද, යුධ අවි, ගුවන් යානා, ආරක‍ෂිත වාහන හා සන්නිවේදන ක්ෂේත්‍රයේ අති විශාල දියුණු කිරීම් ඇති කිරීමටද එය සමත් විය.

යුධ බිමේදී රේඩියෝ උපකරණ යොදා ගනිමින් සන්නිවේදනය හැසිරවීම අපහසු වූ බැවින් දුරකථනය හා රේඩියෝව එකට එක් කර රැහැන් රහිත දුරකථනයක් නිපදවන ලදී. මෙම දුරකථනයට විවිධ රේඩියෝ තරංග සඛ්‍යාතයන් Frequencies ඔස්සේ මූලස්ථානය හා වෙනත් යුධ කණ්ඩායම් සමග සබඳතා පැවැත්වීමට හැකි විය. යුධ සෙබළුන් කණ්ඩායම් අතර (සෙබලකුගේ කරේ එල්ලාගෙන යා හැකි බෑගයක් ද ලෙස සැකසූ Radio දුරකථන) හා යුද්ධ ටැංකි තුළ මෙවන් Radiophone සවි කරන ලදී.

යුද්ධයෙන් පසුව ඇමරිකානු දුරකථන හා ටෙලිග්‍රාෆ් සමාගම (American Telephones Telegraph – AT&T) Radiophone සංකල්පය තවදුරටත් දියුණු කිරීමට උත්සාහ කරන ලදී. මෙම කාලයේ ඇමරිකානු දුරකථන සේවා වෙළඳපල සම්පූර්ණයෙන්ම හැසිරවූයේ AT&T සමාගම වූ අතර ඔවුන්ගේ අංගසම්පූර්ණ පර්යේෂණාගාරය ඛෙල් පර්යේෂණා ගාරය (ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් ඛෙල්ට ගෞරව පිණිස) ලෙස නම් කර තිබුනි.

1946 දී ඛෙල් පර්යේෂණාගාරය මිසූරි හි ශාන්ත ලූවිස් ප්‍රදේශයේ ජනයා අතර අත්හදා බැලීමක් වශයෙන් Radiophone කිහිපයක් නිකුත් කරන ලදී. Motorolla සමාගම මගින් මෙම උපාංග නිපදවූ අතර මේවා බොහෝ සීමාසහිත උපකරණ විය. මේවා සුසර කළ හැකි වූයේ රේඩියෝ සංඛ්‍යාත 3 කට පමණක් වුවත් තරමක සාර්ථකත්වයක් පෙන්නුම් කරන ලදී. මෙම දුරකථන අතේ ගෙන යා හැකි තරම් කුඩාවට නිපදවීමට තරම් සුමට තාක‍ෂණයක් AT&T හෝ Motorolla සමාගම් සතු නොවූ බැවින් මේවා නිපදවූයේ වාහන වලට සවිකිරීම සඳහාය. කිලෝග්‍රෑම් 35ක් පමණ බර වූ මෙම Radiophone ඉතා විශාල විදුලි බලයක් ගිලදැමීමද ගැටළුවක් විය. වාහනයේ එන්ජිම නවතා තිබියදී රේඩියෝව පණ ගැන්වුවහොත් තත්පර කිහිපයකින්ම බැටරිය බැස යනු ඇත.

කෙසේ වුවද ව්‍යාපාරික ජනතාව අතර මෙම දුරකථන ඉතා වේගයෙන් ජනප්‍රියවීම AT&T සමාගම එතරම් බලාපොරොත්තු තැබූ සිදුවීමක් නොවීය. වැඩිවන ඉල්ලූමට සරිලන පරිදි ආවරණ කලාප සැකසීමට AT&T සමාගම ඉක්මන් ක්‍රියාමාර්ග ගත් අතර තවත් නගර 25කට රේඩියෝ ආවරණය සැපයීමට සංඥා කුළුණු කඳු මුදුන් වල පිහිටවන ලදී. මෙම සංඥා කුළුනු ඉතා විශාල බලශක්තියක් පරිභෝජනය කල අතර සීමාසහිත සංඛ්‍යාත ප්‍රමාණයක් තිබූ නිසා වෙනත් අයෙකුගේ සංවාදයකට පහසුවෙන් සවන්දීමට හැකිවීම මෙම තාක‍ෂණයේ ගැටළුවක් විය. AT&T සමාගම තම ඛෙල් පර්යේෂණාගාරය හරහා තවත් අපූර්ව, වෙනස්ම මාවත් තැනීමට පටන් ගත්තේය.

CELLULAR සංකල්පයේ උපත

mobileO1

AT&T සමාගම දුරකථන නිර්මාණ සමාගමක් නොවීය. ඔවුන් දුරකථන සේවා සමාගමකි. එබැවින් දුරකථන යන්ත්‍රයක් නිපදවීමට ඔවුන් උත්සාහ කළේ නැත. ඔවුන් උත්සාහ කළේ දුරකථන ජාලය දියුණු කිරීමටය. ජංගම දුරකථන ඉතිහාසය දෙස බැලීමේදී ජංගම දුරකථනයට පෙර දුරකථන තරංග ජාලය දියුණුවීමට ප්‍රධාන හේතුව ලෙස මෙය හඳුන්වාදීමට හැකිය.

ඛෙල් පර්යේෂණාගාරයේ නොකඩවා සිදුකෙරුණු පරීක‍ෂණ හා අත්හදා බැලීම් වලින් පසුව 1947 දී Donald H. Ringට හා ඔහුගේ පර්යේෂණ කණ්ඩායම නව දුරකථන සංඛ්‍යාත සංකල්පයක් ඉදිරිපත් කරන ලදී.
ring පරීක‍ෂණ මෙහෙයවූයේ දුරකථන කුළුණු වල අධික විදුලි පරිභෝජනය අඩු කිරීමටත් දුරකථන උපාංග වලට සංඛ්‍යාත 3කට වැඩි ප්‍රමාණයක් ලබා දීමටත් විශාල ජනතාවකට එකිනෙකාගේ ඇමතුම් වලට බාධා නොවන ලෙස එකම අවස්ථාවේදී ඇමතුම් ලබාගත හැකි දුරකථන ජාලයක් නිපදවීමටත්ය.

Donald Ring ගේ සංකල්පය වූයේ සංඛ්‍යාත කිහිපයකට පමණක් ඉඩ සලසන එක් අධිබලැති සංඥා කුළුණක් වෙනුවට එකිනෙකට ආවේනික වූ අඩුබලයක් හා අඩු ආවරණ කලාපයක් තිබූ කුඩා සංඥා කුළුණු බොහෝ ප්‍රමාණයක් පිහිටුවීමයි. මෙම එක් එක් කුළුණකට අයත් ආවරණ කලාපයක් ඇති අතර මේ එක් ආවරණ කලාපයක් CELL එකක් ලෙස හැඳින්වේ. Donal Ring ගේ කණ්ඩායම බොහෝ පර්යේෂණ වලින් පසුව තීරණය කළේ මෙම CELL එකක් ශඩාශ්‍රාකාර විය යුතු බවයි. එක් CELL එකක් අවසන් වන විටම එම ආවරණ කලාපයේ මායිමෙන් තවත් Cell එකක් පිහිටා ඇත. එබැවින් ඇමතුම රැගත් උපකරණය එක් ආවරණ කලාපයකින් තවත් ආවරණ කලාපයකට යන විට සංඥාව ඇමතුම විසන්ධි වීමකින් තොරව අනෙක් ක‍ැකක එකට මාරු විය යුතුය.

කෙසේ වුවත් Donald Ring ගේ Cell Network සංකල්පය ක්‍රියාත්මක කිරීම සිතූ තරම් පහසු වූයේ නැත. මෙයට ප්‍රධානතම හේතු දෙකක් දැක්විය හැකිය.

පළමු හේතුව නම් මෙම කර්තවය සඳහා අමතර සංඛ්‍යාත පරාසයක් අවශ්‍ය වීමයි. සැබැවින්ම පැවසුවහොත් එකිනෙකට වෙනස් සංඛ්‍යාත සිය ගණනක් අවශ්‍ය විය. 1947 පිහිටවූ FCC (Federal Communications Commision) ආයතනය ඇමෙරිකානු ගුවන් විදුලි තරංග පාලනය කරමින් සිටි බැවින් AT&T සමාගම ඔවුන්ගෙන් අමතර සංඛ්‍යාත ඉල්ලා සිටියද, එම ඉල්ලීම FCC මගින් ප්‍රතික‍ෂේප කරන ලදී.

දෙවන ගැටළුව වූයේ දුරකථන සංඥාව එක් ක‍ැකක එකකින් තවත් Cell එකකට මාරු කිරීමේ ගැටළුවයි. මෙම ක්‍රියාවලිය Hand off කිරීමක් ලෙස හඳුන්වන අතර එවන විට මෙම කර්තව්‍යය සිදු කලේ Switch board ක්‍රියාකරවන්නන් විසිනි. නමුත් Ring ගේ Cell සංකල්පය ක්‍රියාකරවීමට Switch Board ක්‍රියාකරවන්නන්ට වඩා කාර්යක‍ෂම හා ස්වයංක්‍රීය පාලන මාධ්‍යයක් අවශ්‍ය විය. මෙම කාර්යයට වඩාත්ම ගැලපෙන උපාංගය වූයේ පරිගණකයයි. නමුත් 1947 වන විට පරිගණකයක් කුඩා කාමරයක් තරම් විශාලවූ අතර එයින් සිදුකළ හැකිවූයේ වත්මන් කැල්කියුලේටරයක් මගින් සිදුකරන කාර්යයට වඩා යන්තම් වැඩි කාර්යයකි. අතිවිශාල පරිපථ කුඩා කරනු ලබන Intergrated Circuit හෙවත් සංගෘහිත පරිපථ හා සිලිකන් පරිගණක චිප් බිහිවූයේ තවත් වසර 10 යකට පසුවය. එබැවින් 1947 දී Donald Ring ඉදිරිපත් කල CELL හෙවත් Cellular සංකල්පය එක්වරම ක්‍රියාවට නැංවීම සිදුනොවූ බව කිව යුතුය…

Ring ගේ සංකල්පය ලෝකය පුරා Ring වූ හැටි මීලඟට….

Advertisements

ඔබේ ප්‍රතිචාර සටහන් කරන්න..එය අපට ශක්තියක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )