Blog Portal of Durakatana

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම සන්නිවේදන තාක්ෂණ සඟරාව වන “දුරකථන” මුද්‍රිත ප්‍රකාශණයෙහි ඩිජිටල් එළි දැක්ම ලෙසින් දුරකථන Android App එක දැන් නිකුත් වී තිබේ. මීට පෙර නිකුත් කරන ලද පරීක්ෂණ මෘදුකාංගයට වඩා වැඩි පහසුකම් වලින් මෙන්ම තාක්ෂණික හැකියාවන්ගෙන් ද මෙම නව “දුරකථන” ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය වැඩි දියුණු කර තිඛෙන බව ඔබට දන්වන්නේ සතුටිනි.

අපගේ නව ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය පෙර පැවති මෘදුකාංගයේ සාර්ථකත්වය මත පදනම්ව වඩාත් වැඩි පහසුකම් රැසක් ඔබට ලබාදීමේ අරමුණින් අළුතින්ම සංවර්ධනය කරන ලද්දකි. එහිදී වඩාත් පහසුවෙන් හා ඉක්මනින් දුරකථන සඟරාව සහ පාඨක ඔබ සම්බන්ධ කරවීමේ හැකියාව මෙම නව මෘදුකාංගයට ඇත. දුරකථන ෆේස්බුක් පිටුව, My Durakatana ෆේස්බුක් සමූහය සහ Youtube වීඩියෝ චැනලය යන සියල්ලම මෙහිදී එක් තැන් කර ඇති අතර, ඔබේ අදහස් හා ගැටළු පහසුවෙන් අපට යොමු කරන්නට අවශ්‍ය පහසුකම් ද මෙම App එකට එකතු කර තිබේ. එසේම දුරකථන ලෝකයේ අළුත්ම තොරතුරු සමගින්, දුරකථන සඟරාව ගැනත්, “දුරකථන” වෙතින් එළි දක්වන අළුත්ම ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංග ගැනත් ක්ෂණිකව තොරතුරු දැනගන්නට ඔබට මෙම App එක උදව් වනු ඇත.

සම්පූර්ණයෙන්ම සිංහල භාෂාවෙන් නිමවා ඇති මෙම මෘදුකාංගයේ සිංහල අන්තර්ගතය නැරඹීමට / කියවීමට ඔබට වෙනත් කිසිවක් කිරීමට වුවමනා නොවේ. App එක මගින්ම සිංහල අක්ෂර ඔබට හොඳින් දර්ශණය කරවන අතර, දැන් පෙරටත් වඩා වේගයෙන් සිංහල ප්‍රවේශ වීම සිදුවේ. එසේම දුරකථන ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය install කරගන්නා ඔබට පහසුවෙන්ම අපගේ දුරකථන පාඨක සමාජයේ සාමාජිකත්වය ද හිමිකර ගත හැකියි. ඔබත් අපත් යා කරන පාලමක් වන මේ App එක දැන් ඔබට Google Play වෙතින් නොමිලේ download කරගත හැකියි. Softimage Durakatana ලෙසින් search කිරීමෙන් ඔබට මෙය ලබාගත හැකියි. නැතිනම් goo.gl/fRvXdJ යන කෙටි ලිපිනයෙන් ද ඔබට මෙයට පිවිසෙන්නට හැකියි. මීට අදාල QR කේතය පහත දක්වා ඇත.

දුරකථන අප හා ඔබ සම්බන්ධ කෙරෙන මධ්‍ය ලක්ෂය වන මේ App එක ඔබත් අදම install කර ගන්න. අනාගතයේදී අපෙන් ඔබට පිදෙන වටිනා ඇන්ඩ්‍රොයිඩ් නිපැයුම් හා නව පුවත් සියල්ල ක්ෂණිකව දැනගන්න…

Advertisements

Comments on: "දුරකථන ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය දැන් නව මුහුණුවරකින්…" (2)

  1. මරු App එක ඈ

ඔබේ ප්‍රතිචාර සටහන් කරන්න..එය අපට ශක්තියක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )