Blog Portal of Durakatana

Archive for ජනවාරි, 2015

දුරකථන ජනවාරි කලාපය

2015 JANUARY Durakathana

Advertisements

කොලිටි අඩු නොවෙන්නට සිංදු හකුලන FLAC තාක්ෂණය

ශබ්ද ගොනු පිළිබඳව කථා කරන විටදී දත්ත හැකිළීම(Audio Compression) පිළිබඳ ද කථා නොකරම බැරිය. ඒ, සම්පීඩනය නොකරන ලද ශබ්ද ගොනු ගබඩා කිරීමේදී අධික ධාරිතාවයක් වැය වන නිසායි. ශබ්ද ඉංජිනේරුවන් විසින් උසස් තත්ත්වයේ ශබ්ද ගොනු මාදිලිය ලෙස සලකන Wave ගොනුවක් සඳහා එක් විනාඩියක් සඳහා මෙගාබයිට 10 ක පමණ ඉඩක් වැයවේ. එ් ආකාරයෙන් ගීතයක් පටිගත කළවිට එය මෙගාබයිට 50 කට ආසන්න ධාරිතාවයක් ගනු ඇත. මේ අධි-ධාරිතාවයකින් යුත් ශබ්ද ගොනු සඳහා විකල්පයක් ලෙස MP3, WMA ආදී ෆයිල් මාදිලි වඩාත් ජනප‍්‍රිය විය. ඒ ඒවායේ අඩු ධාරිතාවය නිසායි. <MP3 ගොනුවක් WAVE ගොනුවක් මෙන් දස වාරයක් හැකිලිය හැකි අතර ගීතයක් සඳහා වැයවන්නේ මෙගාබයිට 5 ටත් අඩු ධාරිතාවයකි. එහිදී සිදුවන්නේ ශබ්ද ගොනුවේ ඇති සමහර සංඛ්‍යාත කොටස් ඉවත් කර දැමීමක් වන නිසා මේ සම්පීඩිත ශබ්ද ගොනු වල ශ‍්‍රවණ තත්ත්වය අඩු මට්ටමක පවතී.   (more…)

සුභ නව වසරේ ඇන්ඩ්‍රොයිඩ් තෑග්ග

The Year 2015

2015 අවුරැද්දේ හා පුරා කියල පලමු පෝස්ට් එක ලියන්නයි ආවේ.. හැබැයි නිකම්ම නිකන් අත වන වනා නම් නෙවෙයි..ඒ කියන්නේ දුරකථන සඟරාවේ සිංහල බසින් ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් (App) නිමැවීමේ ව්‍යාපෘතිය යටතේ 2015 වසරේ හා පුරා කියා නිමැවුනු ප්‍රථම ඇප් එක ගැනයි මේ කියන්න යන්නේ ….මේ ඇප් එක චචනයේ පරිසමාප්තයෙන්ම සෑම දුරකථනයකම තිබිය යුතු ඉතාමත් ප්‍රයෝජනවත් හා වටිනා අන්තර්ගතයකින් පොහොසත් එකක්..  (more…)