Blog Portal of Durakatana

ශබ්ද ගොනු පිළිබඳව කථා කරන විටදී දත්ත හැකිළීම(Audio Compression) පිළිබඳ ද කථා නොකරම බැරිය. ඒ, සම්පීඩනය නොකරන ලද ශබ්ද ගොනු ගබඩා කිරීමේදී අධික ධාරිතාවයක් වැය වන නිසායි. ශබ්ද ඉංජිනේරුවන් විසින් උසස් තත්ත්වයේ ශබ්ද ගොනු මාදිලිය ලෙස සලකන Wave ගොනුවක් සඳහා එක් විනාඩියක් සඳහා මෙගාබයිට 10 ක පමණ ඉඩක් වැයවේ. එ් ආකාරයෙන් ගීතයක් පටිගත කළවිට එය මෙගාබයිට 50 කට ආසන්න ධාරිතාවයක් ගනු ඇත. මේ අධි-ධාරිතාවයකින් යුත් ශබ්ද ගොනු සඳහා විකල්පයක් ලෙස MP3, WMA ආදී ෆයිල් මාදිලි වඩාත් ජනප‍්‍රිය විය. ඒ ඒවායේ අඩු ධාරිතාවය නිසායි. <MP3 ගොනුවක් WAVE ගොනුවක් මෙන් දස වාරයක් හැකිලිය හැකි අතර ගීතයක් සඳහා වැයවන්නේ මෙගාබයිට 5 ටත් අඩු ධාරිතාවයකි. එහිදී සිදුවන්නේ ශබ්ද ගොනුවේ ඇති සමහර සංඛ්‍යාත කොටස් ඉවත් කර දැමීමක් වන නිසා මේ සම්පීඩිත ශබ්ද ගොනු වල ශ‍්‍රවණ තත්ත්වය අඩු මට්ටමක පවතී.  

ශ‍්‍රවණ තත්ත්වය නොවෙනස් වන පරිදි ශබ්ද ගොනු හැකිලිය හැකි තාක්ෂණයක් වන FLAC ගොනු මාදිලිය (Free Lossless Audio Codec) පැමිණෙන්නේ අඩු ධාරිතාවයකින් හා විශිෂ්ඨ ශ‍්‍රවණ තත්ත්වයකින් යුත් ශබ්ද ගොනු මාදිලියක් වශයෙනි. එහිදී මුල් ශබ්ද ගොනුවේ ශ‍්‍රව්‍ය ප‍්‍රමිතියට හානියක් සිදුනොකර අදාල ගොනුවේ දත්ත ධාරිතාවය අඩු කරනු ලබයි.

විනාඩි 9 ක් දිවෙන ශ‍්‍රව්‍ය පටිගත කිරීමක් MP3, WMA හා FLAC යන සම්පීඩිත ෆයිල් මාදිලි වලට හැරවූ විට ලැබෙන ශබ්ද ගොනුව එක් එක් ගොනු මාදිලියේදී එකිනෙකට වෙනස් ධාරිතාවයන් පෙන්වයි. මෙහිදී සම්පීඩනය නොකරන ලද මුල් ගොනුව WAVE ෆයිල් එක මෙගාබයිට 92 ක් වූ අතර, FLAC ගොනුව මෙගාබයිට 40.5 ක්ද, 320kbps ආකාරයේ MP3 ගොනුව මෙගාබයිට 20.8 ක්ද විය. මෙහිදී පෙනෙන්නට ඇති කරුණ වන්නේ FLAC ගොනුව මුල් WAVE ගොනුවේ ධාරිතාවය මෙන් අඩක් වන බවත්, නමුත් MP3 ගොනුවේ ධාරිතාවය මෙන් දෙගුණයක් වන බවත්ය.

FLAC ගොනු භාවිතය පිළිබඳ ඇති එක් ගැටළුවක් වන්නේ වින්ඩෝස් මීඩියා ප්ලේයර් හා අයි-ටියුන්ස් වැනි ප‍්‍රමුඛ ගීත මෘදුකාංගයන් සඳහා තවමත් FLAC ගොනු සහාය නොමැති වීමයි. කෙසේ වෙතත් තෙවැනි-පාර්ශව මෘදුකාංගයක් ස්ථාපනය කිරීම මගින් FLAC ගොනු ධාවනය වන ලෙසට සකස් කරගත හැකියි. බහුමාධ්‍ය ගොනු මාදිලි සියල්ලම පාහේ ධාවනය කල හැකි ලෙස සැකසූ Multimedia Codec Pack එකක් ස්ථාපනය කිරීමෙන් FLAC සහාය ලබාගත හැකියි. කෙසේ වුවත් FLAC ගොනු සඳහා හොඳින්ම සහාය දක්වන ප්ලේයරයක් ලෙස වින් ඈම්ප්  Win Amp මෘදුකාංගය හැඳින්විය හැකියි. එමගින් FLAC ගොනු වාදනය කිරීමට අමතරව, වෙනත් මාදිලිවල ශබ්ද ගොනු FLAC මාදිලියට හැරවීමටද පහසුකම් සලසා දේ.

FLAC ගොනු මාදිලිය සංවර්ධනය කරනු ලැබුවේ ජෝෂ් කෝල්සන් විසින් වන අතර එය එළිදක්වනු ලැබුවේ 2001 වසරේදීයි. මෙය කර්තෘ අයිතීන් නැති, විවෘත ගොනු මාදිලියක් වන අතර සම්පූර්ණයෙන්ම නොමිලයේ භාවිතා කළ හැකියි. ශබ්ද ගොනු Tag කිරීමටද, එක් එක් ගොනුව සඳහා කුඩා ඉමේජයක් Cover Photo එකතු කිරීමටද Flac ගොනු මාදිලියේ පහසුකම් ඇත.

මෙම ලිපිය රෑ පරිගණක සඟරාවේ පලවූවකි

Roo cover Small  2012 Dec

Advertisements

Comments on: "කොලිටි අඩු නොවෙන්නට සිංදු හකුලන FLAC තාක්ෂණය" (1)

ඔබේ ප්‍රතිචාර සටහන් කරන්න..එය අපට ශක්තියක්

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )