Blog Portal of Durakatana

Archive for the ‘ඇන්ඩ්‍රොයිඩ් ඇප්’ Category

සුභ නව වසරේ ඇන්ඩ්‍රොයිඩ් තෑග්ග

The Year 2015

2015 අවුරැද්දේ හා පුරා කියල පලමු පෝස්ට් එක ලියන්නයි ආවේ.. හැබැයි නිකම්ම නිකන් අත වන වනා නම් නෙවෙයි..ඒ කියන්නේ දුරකථන සඟරාවේ සිංහල බසින් ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් (App) නිමැවීමේ ව්‍යාපෘතිය යටතේ 2015 වසරේ හා පුරා කියා නිමැවුනු ප්‍රථම ඇප් එක ගැනයි මේ කියන්න යන්නේ ….මේ ඇප් එක චචනයේ පරිසමාප්තයෙන්ම සෑම දුරකථනයකම තිබිය යුතු ඉතාමත් ප්‍රයෝජනවත් හා වටිනා අන්තර්ගතයකින් පොහොසත් එකක්..  (more…)

Advertisements

අළුත්ම ‘දුරකථන’ app එක – “වාස්තු රහස්” නිකුත් වෙයි…

වාස්තු විද්‍යා රහස් රැසක් දැනගන්න… මෙන්න හොඳම අවස්ථාව…

නිවසක් ගෙදරක් බවට පත් වෙන්නේ එහි වාසය කරන නිවැසියන්ගේ දක්ෂතාවය මතයි. නිවසක් තැනීම කියන්නේ ලේසි පහසු කාර්යයක් නොවෙයි. අත්තිවාරමේ පටන් වහලය දක්වා සහ එයින් පසුව ප්‍රධාන දොරේ සිට නිදන කාමරය දක්වාම නිවාස හා බැඳුනු විද්‍යාත්මක සිද්ධාන්ත රාශියක් වෙති. එමෙන්ම ඔබේ නිවස වාසනාවන්ත, සිරියාවන්ත නිවසක් කරගන්නට ඔබට බොහෝ දේ කරන්නට පුළුවන්. ඒ සියල්ල ගැනම ඔබට කියා දෙන අපූරු ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයකි, වාස්තු රහස්… (more…)

දුරකථන ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය දැන් නව මුහුණුවරකින්…

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම සන්නිවේදන තාක්ෂණ සඟරාව වන “දුරකථන” මුද්‍රිත ප්‍රකාශණයෙහි ඩිජිටල් එළි දැක්ම ලෙසින් දුරකථන Android App එක දැන් නිකුත් වී තිබේ. මීට පෙර නිකුත් කරන ලද පරීක්ෂණ මෘදුකාංගයට වඩා වැඩි පහසුකම් වලින් මෙන්ම තාක්ෂණික හැකියාවන්ගෙන් ද මෙම නව “දුරකථන” ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය වැඩි දියුණු කර තිඛෙන බව ඔබට දන්වන්නේ සතුටිනි. (more…)

පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළු ඉතිහාසයේ පළමු ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය ශ්‍රී ලංකාවෙන්…

ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා සත්කාරක රට ලෙස සියළු කටයුතු සම්පාදනය කරමින් උත්කර්ෂවත් ලෙස එය පැවැත්වීමට මේ වන විට සියළු කටයුතු සිදුවෙමින් පවතී. මෙම අවස්ථාව ශ්‍රී ලංකාවට ලැබුනේ පළමු වතාවට වන අතර ආසියානු රටක් පොදු රාජ්‍ය මණ්ඩලීය සමුළුවක සත්කාරකත්වය දරන්නේ වසර 24 ක් වැනි දීර්ඝ කාලයකට පසුව වීම ද විශේෂත්වයකි. ශ්‍රී ලාංකිකයන් ලෙස අප මහත් සතුටට හා ආඩම්බරයට පත් විය යුතු අවස්ථාවක් වන මෙම සමුළුව වෙනුවෙන් විවිධ එළි දැක්වීම් මේ වන විටත් සිදුකර ඇති අතර ඉදිරියටත් සිදුකෙරනු ඇත. පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව උදෙසා තේමා ගීත, සමරු කලාප, පොත් පත්‍රිකා මුද්‍රණය ආදී කටයුතු සිදු කෙරෙමින් පවතින අතරතුරදී ඒ වෙනුවෙන් නිර්මාණය වුනු නවතම ආකාරයේ එළි දැක්වීමක් ගැන ඔබට කියන්නයි මේ සූදානම… ඉතිරියත් කියවන්න…