Blog Portal of Durakatana

Archive for the ‘උපකාරක ලිපි’ Category

හොඳ ස්මාට් ෆෝන් එකක් තෝරා ගන්නේ කෙසේද ?

best smart phones of 2013

Cell Phone, Smartphone වලට පසුව Tablet හා Phone එක්ව සෑදුනු Phablet දක්වා දුරකථන වෙළඳපල පුළුල් වී ඇත. විවිධ දුරකථන නිෂ්පාදකයින් විවිධ හැඩයේ හා ප්‍රමාණයේ දුරකථන වෙළඳපලට නිකුත් කරනු ලබන අතර ඒ සියල්ලම එකිනෙකා පරදවා පාරිභෝගික ප්‍රසාදය දිනා ගැනීමට විවිධ සිත් ඇදගන්නා සුළු පහසුකම් හා විශේෂීකරණයන් සිය ජංගම උපාංගවලට ඇතුළත් කරති. මෙම Features කෙතරම් චිත්තාකර්ශණීය ද යත්, ජංගම උපාංග මිලට ගැනීමේදී කුමක් තෝරා ගන්නවා දැයි අපටම සිතාගත නොහැකිය. එබැවින් දුරකථනයක් මිළට ගැනීමට වෙළඳපලට ගියවිට ඔබ මෙම Features අතර අතරමං වී ඔබට නොගැලපෙන ජංගම උපාංගයක් රැගෙන ඒමේ හැකියාව ඉතා ඉහළය. මෙම ගැටළුව වලකා ගැනීමට, 2013 වසරේ ජනප්‍රිය වූ විවිධ නිෂ්පාදකයන්ගේ සුපිරි ජංගම දුරකථන හා Phablet කිහිපයක විස්තර ඔබ වෙත ගෙන එන්නෙමු. (more…)

Advertisements

දුරකථනයේ බැටරිය අමරණිය කරගන්නේ මෙහෙමයි

ඔබේ ජංගම දුරකථනයේ බැටරිය බැස යාමට ආසන්නව ඇති විටක සහ චාජරයක් ලඟ පාතක නොමැති විට ඔබ මුහුණ දෙන්නේ ඉතා භයානක තත්වයකටය. දුරකථනයක් නැතුව බැරිය. දුරකථනය බැස ගිය විට ‘‘යන එන මං නැතිවීම’’ වලක්වා ගැනීමට කළ හැකි දෙයකුත් නැත. මෙවන් අවස්ථාවලදී ඔබේ ‘මිය යාමට’ ආසන්න බැටරිය තව පැයක්වත් රැක බලා ගැනීමට හැකි නම් කොතරම් අගනේ ද ? ඒ සඳහා අනුගමනය කළ හැකි සරළ ක‍්‍රමවේද කීපයක් පහත දැක්වේ. ඉතිරියත් කියවන්න…

ජංගම දුරකථනයෙන් නිවසේ පරිගණකයට පිවිසෙමු

Team Viewer යනු අන්තර්ජාලය හරහා පරිගණක දෙකක් එකිනෙක සම්බන්ධ කර, එක් පරිගණකයකින් අනෙක් පරිගණකය පාලනය කළ හැකි මව්සය කි‍්‍රයා කරවීම,ටයිප් කිරිම, ලිපි ගොනු කොපි කිරීම මකා දැමීම ආදී ඕනෑම ක‍්‍රියාවක් දුරස්ථව සම්භන්ධවී කල හැකි මෘදුකාංගයකි. මෙම මෘදුකාංගය හා ස්මාර්ට් ජංගම දුරකථනයක් භාවිතා කරමින් ඔබේ පරිගණකය තුළ ඇති දත්ත වලට ලොව ඕනෑම තැනක සිට පිවිසීමට හා පරිගණකය පාලනය කිරීමට හැකි බව ඔබ දැන සිටියාද ?
ඉතිරියත් කියවන්න…

දුරකථනය වතුරට වැටුනොත් මොකද කරන්නේ ?

ජංගම දුරකථනයක් භාවිතා කරන ඔබට නිතරම වාගේ මේ ප‍්‍රශ්ණය පැණ නැගී ඇති. සමහර විට ඔබත් මේ තත්ත්වයට පත්වී ඇතුවාට සැක නැහැ. සැබැවින්ම අපේ ජංගම දුරකථනය වතුරට වැටුනහොත් කළ යුත්තේ කුමක්ද ? දුරකථනය පිළිබඳ ආශාව අත්හැර දමා අළුත් දුරකථනයක් මිළදී ගැනීම බව ඔබ සමහර විට පවසනු ඇත. නමුත්, ඔබ ඉක්මන් වුනොත්, ඔබේ ආදරණීය දුරකථනය ජලයෙන් සිදුවන ආපදා වලින් රැුක ගැනීමට ඔබටත් හැකියි.
ඉතිරියත් කියවන්න…

PHONE එක නැතිවුනොත් මොකද කරන්නේ ?


ජංගම දුරකථනය අප බොහෝ දෙනෙක්ට නැතිවම බැරි උපාංගයක් වී හමාරයි. ජීවිත කාලයක් තුළ එකතු කරගත් දුරකථන අංක සමුදායක් ද, සමහර විටෙක වැදගත් sms පණිවුඩ, Memory card පතක් ඇත්නම් එහි ඇති පින්තූර, වීඩියෝ හෝ ගීත යනාදී දත්ත ද අපේ ජීවිතයේ කොටසක් වී හමාරයි. ඔබේ පුද්ගලික දත්ත වලින් පිරුණු ජංගම දුරකථනය යම් හෙයකින් අස්ථාන ගත වුවහොත් හෝ සොරකම් කරනු ලැබුව හොත් කුමක් සිදුවේ දැයි ඔබ සිතුවාද ? ඉතිරියත් කියවන්න