Blog Portal of Durakatana

වාස්තු විද්‍යා රහස් රැසක් දැනගන්න… මෙන්න හොඳම අවස්ථාව…

නිවසක් ගෙදරක් බවට පත් වෙන්නේ එහි වාසය කරන නිවැසියන්ගේ දක්ෂතාවය මතයි. නිවසක් තැනීම කියන්නේ ලේසි පහසු කාර්යයක් නොවෙයි. අත්තිවාරමේ පටන් වහලය දක්වා සහ එයින් පසුව ප්‍රධාන දොරේ සිට නිදන කාමරය දක්වාම නිවාස හා බැඳුනු විද්‍යාත්මක සිද්ධාන්ත රාශියක් වෙති. එමෙන්ම ඔබේ නිවස වාසනාවන්ත, සිරියාවන්ත නිවසක් කරගන්නට ඔබට බොහෝ දේ කරන්නට පුළුවන්. ඒ සියල්ල ගැනම ඔබට කියා දෙන අපූරු ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයකි, වාස්තු රහස්… Read the rest of this entry »

Advertisements

ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම දුරකථන සංනිවේදන මාසික සඟරාව වන දුරකථන සඟරාව අරඹා ඇති දේශීය ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් මෘදුකාංග නිපදවා එලිදැක්වීමේ වැඩ පිළිවෙල යටතේ නිපදවූ ප්‍රථම සිංහල යෙදවුම් මෘදුකාංග ත්‍රිත්වය පසුගිය ජනවාරි පලවෙනිදා එළි දැක්වූවා.
Read the rest of this entry »

images

ආදරනීය මිතුරනේ ඔන්න කිව්ව වගේම 2014 අවුරැද්දට ඔයාලගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථන වලට  අපි හදපු අලුත්ම ඇප් දෙකක් තෑගි කරනවා  මේ දෙකම ඔයාගේ ෆෝන් එකට දාගෙන අලුත් අවුරැද්ද දුරකථනයෙන්ම වැඩ අල්ලන්න.. Read the rest of this entry »

New-Years-2014-

නව වසරේ උදාවත් සමග දුරකථන සඟරාව කලාප 12 ක් නිකුත් කර වසරක් සපිරෙනවා ආසන්න අනාගකයේදී  තාක්ෂණික දැනුම සොයනා ලාංකීය පාඨකයින් හට දුරකථන දැනුම සිංහලෙන් ගෙන එන්නට අප දැරෑ උත්සාහය මල් එල ගැන්වී තීබීම සතුටට කරැණකි. පැයෙන් පැය දිනෙන් දින යාවත්කාලීන වන දුලබ දැනුම ඔබ වෙත ගෙන එන්නට පුරෝගාමීන් වීම පිළිබ‍ඳව අප තුල ඇත්තේ අසීමිත සතුටකි…

ඔබ අපව දිරිමත් කරමින් හා අපගේ අඩුපාඩු පවසමින් කරන ක‍මෙන්ටුවකින් අපට ලැබෙන්නේ ඉමහත් ශක්තියකි. මේ ලැබූ වසරේදීත් අප සමග රැඳී සිටිමින් නිබඳ අප දිරිමත් කරන ගමන් සගයකු වන්නැයි මා ඔබට ඇරයුම් කරමි..

ගෙවුනු 2013 වසර අපට සුවිශේෂී වූවකි ඒ අප ප්‍රථම වරට ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් හෙවත් යෙදවුම් මෘදුකාංග අපේ බසින් නිපදවා ගූගල් ඇප් සංචිතයට නිකුත් කිරීම ඇරඹූ නිසාවෙනි..  එහි සමාරම්භය සනිටුහන් කලේ අපගේ දුරකථන ඇප් එක හරහාය. ඉනික්බිති කාලීන තේමාවක් හා අපේ රටට වැදගත් සිදුවීමක් වූ CHOGM  සමුළුව තේමා කරගනිමින් එම සමුළු ඉතිහාසයේ ප්‍රථම ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් මෘදුකාංගය නිමැවීමට අපට හැකියාව ලැබුනි.  එයට ලැබුනු ඉතා හොඳ ප්‍රතිචාර හා හෙළ බස සමගින් ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් නිමැවන්නේ කෙසේද යන අභ්‍යාශමය අත්දැකීම අප තව තවත් එවැනි නිමැවුමු කරණයට පෙළඹ වීය..

ඉතිං ආදරනීය මිතුරනේ අප ඔබට 2014 වසර ස‍ඳහා පිරිනමන ඇන්ඩ්‍රොයිඩ් තිළිණය තව සුළු මොහොතකින් බලාපොරොත්තු වන්න..

ඔබ සැමට දැනුම තව තවත් මුවහත් කරගත හැකි ලබනා දැනුමින් ඔබටත් රටටත් වැඩක් කල හැකි සිරි සුභ නව වසරක්ම වේවා !

බන්දුල අත්තනායක, ආනන්ද අබේරත්න, චතුරංග පෙරේරා, පුනීත් විතාරණ පුමුඛ රෑ පරිගණක හා දුරකථන සඟරා ද්ව්ත්වයේ

සංස්කාරක මඩුල්ල…

 

දුරකථනයෙන් print කරමු….

Cloud Print

ඕනෑම තැනක සිට ඕනෑම පරිගණකයකින්, Smartphone එකකින් හෝ Tablet එකකින් ඔබේ ප්‍රින්ටරයට printouts එවීමට හැකි යැයි ඔබ දැන සිටියාද ? කලකට පෙර එවන් පුවතක් ඔබ අවඥාවෙන් බැහැර කරනු ඇති වුවද, දැන් google සමගින් එම කරුණ සැබෑවක් බවට පත්වී ඇත. Google Cloud Print යනු ඔබට අවශ්‍ය ඕනෑම document එකක් අන්තර්ජාලය හරහා ඔබේ නිවසේ, කාර්යාලයේ හෝ මිතුරකුගේ ප්‍රින්ටරයකින් ප්‍රින්ට් කළ හැකි සම්පූර්ණ නොමිළේ සේවාවකි. Read the rest of this entry »

ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම සන්නිවේදන තාක්ෂණ සඟරාව වන “දුරකථන” මුද්‍රිත ප්‍රකාශණයෙහි ඩිජිටල් එළි දැක්ම ලෙසින් දුරකථන Android App එක දැන් නිකුත් වී තිබේ. මීට පෙර නිකුත් කරන ලද පරීක්ෂණ මෘදුකාංගයට වඩා වැඩි පහසුකම් වලින් මෙන්ම තාක්ෂණික හැකියාවන්ගෙන් ද මෙම නව “දුරකථන” ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය වැඩි දියුණු කර තිඛෙන බව ඔබට දන්වන්නේ සතුටිනි. Read the rest of this entry »

විසිවන සියවසේ මුල් භාගයේදී නිකොලා ටෙස්ලා, ගුග්ලි එල්මෝ මාර්කෝනි නිෂ්පාදනය කිරීමට උත්සාහ ගත් රැහැන් රහිත සන්නිවේදන උපකරණ සමග විද්‍යුත් චුම්භක තරංග ක්ෂේත්‍රයේ මුල් ගමන් කරුවකු වූ හෙන්රික් හර්ට්ස්ගේ විද්‍යුත් චුම්භක තරංග සංඛ්‍යාතකරණය එක් වීමත් සමග Radio තාක‍්ෂණයෙන් පණිවිඩ හුවමාරුව ලොව පුරා වේගයෙන් ප්‍රචලිත වී ගියේය. 1912 දී මගීන් දෙදහසකට පමණ මරු කැඳවමින් Titanic නෞකාව ගිලී යාමත් සමග සෑම නෞකාවකම Radio උපකරණයක් තිබිය යුතු බවත්, එමගින් නිරතුරුවම ගොඩබිම සමග සබඳතා පවත්වා ගත යුතු බවටත් නීති පනවන ලදී…..

විසිවන සියවසේ මැද භාගය වන විට ලොව පුරා ප්‍රචාරය කර හැරීමට තරම් ප්‍රබල රේඩියෝ සංඛ්‍යාත නිකුත් කළ හැකි රේඩියෝ මධ්‍යස්ථාන විවිධ දියුණු රටවල ස්ථාපනය වී තිබූ අතර දියුණු වූ රටවල නිවෙස්වල දුරකථනයක් හා රේඩියෝවක් දක්නට හැකිවිය. කෙසේ වුවත් දුරකථනවල භාවිතා වූයේ සම්ප්‍රදායික හා මන්දගාමී Switch board තාක‍ෂණයයි.
Read the rest of this entry »