Blog Portal of Durakatana

Posts tagged ‘ජංගම දුරකථන’

සුභ නව වසරේ ඇන්ඩ්‍රොයිඩ් තෑග්ග

The Year 2015

2015 අවුරැද්දේ හා පුරා කියල පලමු පෝස්ට් එක ලියන්නයි ආවේ.. හැබැයි නිකම්ම නිකන් අත වන වනා නම් නෙවෙයි..ඒ කියන්නේ දුරකථන සඟරාවේ සිංහල බසින් ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් (App) නිමැවීමේ ව්‍යාපෘතිය යටතේ 2015 වසරේ හා පුරා කියා නිමැවුනු ප්‍රථම ඇප් එක ගැනයි මේ කියන්න යන්නේ ….මේ ඇප් එක චචනයේ පරිසමාප්තයෙන්ම සෑම දුරකථනයකම තිබිය යුතු ඉතාමත් ප්‍රයෝජනවත් හා වටිනා අන්තර්ගතයකින් පොහොසත් එකක්..  (more…)

Advertisements

ජංගම දුරකථනයේ උපත 2 – රේඩියෝව හා ටෙලිෆෝනය හාද වීමෙන් සෙලියුලර් බිහි වේ.

විසිවන සියවසේ මුල් භාගයේදී නිකොලා ටෙස්ලා, ගුග්ලි එල්මෝ මාර්කෝනි නිෂ්පාදනය කිරීමට උත්සාහ ගත් රැහැන් රහිත සන්නිවේදන උපකරණ සමග විද්‍යුත් චුම්භක තරංග ක්ෂේත්‍රයේ මුල් ගමන් කරුවකු වූ හෙන්රික් හර්ට්ස්ගේ විද්‍යුත් චුම්භක තරංග සංඛ්‍යාතකරණය එක් වීමත් සමග Radio තාක‍්ෂණයෙන් පණිවිඩ හුවමාරුව ලොව පුරා වේගයෙන් ප්‍රචලිත වී ගියේය. 1912 දී මගීන් දෙදහසකට පමණ මරු කැඳවමින් Titanic නෞකාව ගිලී යාමත් සමග සෑම නෞකාවකම Radio උපකරණයක් තිබිය යුතු බවත්, එමගින් නිරතුරුවම ගොඩබිම සමග සබඳතා පවත්වා ගත යුතු බවටත් නීති පනවන ලදී…..

විසිවන සියවසේ මැද භාගය වන විට ලොව පුරා ප්‍රචාරය කර හැරීමට තරම් ප්‍රබල රේඩියෝ සංඛ්‍යාත නිකුත් කළ හැකි රේඩියෝ මධ්‍යස්ථාන විවිධ දියුණු රටවල ස්ථාපනය වී තිබූ අතර දියුණු වූ රටවල නිවෙස්වල දුරකථනයක් හා රේඩියෝවක් දක්නට හැකිවිය. කෙසේ වුවත් දුරකථනවල භාවිතා වූයේ සම්ප්‍රදායික හා මන්දගාමී Switch board තාක‍ෂණයයි.
(more…)

රැහැන් රහිත ආරෝපනය හෙවත් වෑර්ලස් චාජින්

නව තාක‍ෂණය දියුණුවීමත් සමග අප රැහැන් රහිත ලොවක් කරා ගමන් කරමින් සිටින්නෙමු. රැහැන් රහිත දුරකථන, රැහැන් රහිත දත්ත හුවමාරුව, රැහැන් රහිත අන්තර්ජාලය රැහැන් රහිත රෑපවාහිනිය මේ රැහැන් රහිත කිරීමේ විප්ලවයේ කොටස්කරුවන්ය. රැහැන් රහිත ලොවේ නවතම විකාශනය වන්නේ රැහැන් රහිත බලශක්තියයි.

nokia සමාගම සිය nokia 920 දුරකථනය g මෙම තාක්ෂණය එක් කර තිබෙන අතර එය සාමාන්‍ය රැහැන් සහිත චාජරයකට සම්බන්ධ කිිරීමකින් තොරව Charge කප හැකිය. ඒ ස‍්හා කල යුත්තේ සමග එන Charger Pad එක විදුලියට සම්බන්ධ කර, දුරකථනය ඒ මතින් තැබීම පමණි.

මෙම Wireless Charging තාක‍ෂණය QI ලෙස හඳුන්වන අතර මෙය චීන වදනකි. මෙහි අර්ථය නම් “ශක්ති කදම්භය” යන්නයි. විදුලිය හා චුම්භකත්වය එක්කොට විද්‍යුත් චුම්භක කලාප පිහිටුවීම මගින් විදුලි ධාරාවක් රැහැන් රහිතව එක් තැනක සිට තවත් තැනකට සම්ප්‍රේශණය කිරීම QI තාක‍්ෂණයේ පදනමයි.Qi යනු තාක‍ෂණික මූලධර්මයකටත් වඩා තාක‍ෂණික තත්ත්ව පදනමක් වීම වැදගත් කරුණකි. එනම් මෙම තාක‍ෂණය භාවිතා කිරීමට නම් එකම ආකාරයක Hardware Componant දුරකථනවල තිබිය යුතුය. මේ නිසා අනාගතයේ සියලූම රැහැන් රහිතව චාජ් කරවන දුරකථනයක් QI චාජර් පෑඩ් එකක් මගින් ආරොපනය කළ හැකි වනු ඇත. දැනටමත් Nokia, LG, Motorola, HTC, Huawei, Sony සහ Samsung යන සමාගම්‍ මෙම තාක‍ෂණය ඔවුනගේ නව දුරකථන වලට ක්‍රම ක්‍රමයෙන් ඇතුළත් කිරීමෙහි උනන්දුවක් පෙන්නුම් කරති.

qi_charging

මෙම තාක‍ෂණය ක්‍රියා කරන ආකාරය භෞතික විද්‍යාත්මකව නම් එතරමි සංකීර්ණ නොවුනත්, එය වටහා ගැනීම සාමාන්‍ය විද්‍යාත්මක දැනුමක් ඇති අයට තරමක් අපහසු බැවින් මෙය හැකි තරම් සරළ ලෙස විස්තර කරන්නම්.

සාමාන්‍යයෙන් විද්‍යුත් ධාරාවක් නිපදවීමට නම් විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයක් තුළ චලනය වන සන්නායකයක් තිබිය යුතුයි. බයිසිකල් ඩයිනමෝවේ සිට මහා විදුලි උත්පාදක ටර්බයිනයන් දක්වා වන විදුලි ජනනයේ මූලික සිද්ධාන්තය මෙයයි. මෙම සන්නායකය බොහෝ විට තඹ හෝ ඇලූමිනියම් කොයිල් එකක් හෙවත් දඟරයක් වීමට අඩ ඇත.

QI තාක‍ෂණය නියමයන්ට අනුව රැහැන් රහිතව සම්ප්‍රේෂණය කළ හැක්කේ අවම බලයක් සහිත 0 සිට 5w දක්වා වූ විද්‍යුත් ධාරාවකි. විදුලිය සම්ප්‍රේෂණය කිරීමට එක් Transmeter Coil එකක් ද, සම්ප්‍රේෂණය ලබා ගැනීමට Recever Coil එකක් ද, අවශ්‍ය වේ. QI යටතේ විදුලිය සම්ප්‍රේෂණය කළ හැකි දුර මිලි මීටර 5 සිට 40 දක්වා ප්‍රමාණයකි. මෙම Transmeter Coil එක ප්‍රධාන විදුලි පරිපථයට සම්බන්ධිත Charging Pad එක තුළද, Receiver Coil එක දුරකථනය තුළද පිහිටා තිබේ.

චාජර් පෑඩ් එක විදුලියට සම්බන්ධ කළ විට එහි ඇති ට්‍රාන්ස්මීටර් කොයිල් එක මගින් ධාරාව විද්‍යුත් චුම්බක ක්ෂේත්‍රයක් බවට පත් කරයි. මෙම ක්ෂේත්‍රයේ විශාලත්වය උපරිම වශයෙන් මිලි මීටර 40 ක් (අඟල් 1.6 ක්) පමණ වේ. මෙම චුම්භක ක්ෂේත්‍රය තුළට, සරළව කියතොත් ට්‍රාන්ස්මීටර් කොයලය සහිත අදාල චාජර් පෑඩ් එක උඩින් රිසීවර් කොයල් එකක් සමගම නිපදවා ඇති උපාංගය හෝ දුරකථනය තැබූ විට මෙම කොයිල් දෙක එකිනෙක සම්භන්ධ වේ. ඉන්පසු දුරකථනයේ ඇති රිසීවර් කොයිලයෙන් ඉල්ලා සිටින ප්‍රමානයට චාජර් පෑඩ් එකේ ඇති ට්‍රාන්ස්මීටර් කොයිල් එක මගින් විද්‍යුත් චුම්භක ධාරාව විදුලි ධාරාවක් බවට හරවා දුරකථනයේබැටරියට ආරෝපණය කරනු ලබයි.

බොහෝ දෙනා නොදැන සිටිය ද Qi සංකල්පය ලොවට හඳුන්වා දුන්නේ 2009 තරම් ඈතකදී බව ඔබ දැන ගත යුතුය. එබැවින් මෙය අළුත් තාක‍ෂණයක්වත්, නුපුරුදු දෙයක් හෝ නොව කලක් අතහැර දමා තිබූ තාක‍්ෂණයක් පමණි. නමුත් මෙය ඉදිරියේදී දුරකථන ස‍ඳහා බහුල වශයෙන් භාවිතයට පැමිනීමට ඉඩ ඇත. එසේ වුවහොත් ‍ෆෝන් එක චාජ් කරන්නට ගොස් චාජරයේ පින් චුරකථනයේ චාජර් පෝට් එකට නිසිලෙස සම්භන්ධ නොවීම නිසා වි‍ඳින්නට සිදුවන කරදරයන් නම් නිමා වනු නිසැකය.

ජංගම දුරකථනයේ උපත

Flower-Phone
දුරකථන බ්ලොග් පිටුවට සපැමිනි පිරිස මේ වන විට මාස දෙකක් තුල දස දහසක් ඉක්මවීම සතුටට කරුනකි. එය අප තව තවත් දිරිමත් කරන්නකි අපගේ මුද්‍රිත ප්‍රකාශනයට සමගාමීව මෙම ඩිජිටල් ප්‍රකාශනය බිහිවූ අතර එය සිංහල බ්ලොග් අවකාශය තුල ඇති සමහර බ්ලොග් සින්ඩිකේටරයන් වෙත මාස දෙකක් තිස්සේ ඉල්ලීම් කලද තවමත් අප ඇතුලත් කරගෙන නොමැති වීම කනගාටුවට කරැනකි.කෙසේ වුවද ඉදිරියේදී හෝ අප අනෙකුත් සිංඩිකේටරයන් තුලට ඇතුල්කරගනු ඇතැයි බලාපොරොත්තු වෙමු අද සිට ජංගම දුරකථනයේ උපත ලිපි මාලාව ඔබ වෙත ගෙන එන්නෙමි. (more…)

ඩිජිටල් මතක පරිනාමය 2 ඩැට් වලින් වලා තීරයට

මේ ඩිජිටල් මතක පරිනාමයේ දෙවන කොටසයි මෙහිදී ඩැට් ටේප් වල සිට Cloud දක්වා ගමන් මග දැක්වෙනවා. (more…)

ඩිජිටල් මතකයේ පරිනාමය හෙවත් පන්ච් කාඩ් එකේ සිට වලාකුළු ගබඩාව දක්වා


කැමතිද අපේ ඩිජිටල් ලෝකයේ මතක පරිනාමය ගැන දැනගන්න ඒ නිසයි දුරකථන අපි මේ තොරතුරැ ග්‍රාෆිකය හැදුවේ මෙහි කොටස් දෙකක තියෙනවා දෙවන කොටස ලගදීම දෙන්නම්. මෙහි තිබෙන්නේ පැරණි පන්ච් කාඩ් ක්‍රමයේ සිට අපේ මතකයෙන් මැකී යමින් පවතින ඩිස්කට් එක දක්වා කථා පුවතයි. (more…)

මයික්‍රොසොෆ්ට් හා නොකියා එකතුවෙන් දුරකථන ලොව නව පරිච්ෙඡ්දයක් ඇරඹුනු වගයි…

නොකියා සමාගම මයික්‍රොසොෆ්ට් හි කොටසක් බවට පත්වේ.

දුරකථනය හා නොකියා යන නම දෙකක් නොව එකක් යැයි සිතෙන තරමටම අපට ඉතා සමීපය. වර්තමානයේ සැම්සුන් හා ඇපල් වැනි දැවැන්තයින් දුරකථන ක්ෂේත‍්‍රයේ ඉහළ තැන්හි වැජඹුනත්, අප දන්නා කාලයේ පටන් දුරකථන ක්ෂේත‍්‍රයේ ඉහළින්ම වැජඹුනේ නොකියා සමාගමයි. මෑතක් වන තුරුම ලොව විශාලතම දුරකථන නිෂ්පාදකයා වූ ෆින්ලන්ත නොකියා සමාගම ජංගම දුරකථන ක්ෂේත‍්‍රයේ පුරෝගාමී සමාගමක් වන අතර දශක හතරක පමණ කාලයක සිට ජංගම උපාංග නිෂ්පාදනයේ යෙදී සිටී. නොකියා මෙන්ම දුරකථන ලෝකයේ ප‍්‍රමුඛතම පුරෝගාමීයෙක් වූ මොටෝරෝලා සමාගම පසුගිය වසරේ ගූගල් සමාගම විසින් මිලදී ගන්නට යෙදිණි. මොටෝරෝලා සමාගමට මෙසේ ගූගල් යටතට පත්වූයේ මෝටෝරෝලා හි දුරකථන නිෂ්පාදන අංශය පසුබැස තිබුණු නිසායි. මොටෝරෝලා හා සමකාලීන පුරෝගාමියෙකු වූ නොකියා සමාගමද දැන් එ් පාරේම යමින් මයික්‍රොසොෆ්ට් සමාගම යටතට පත්ව තිබේ. (more…)