Blog Portal of Durakatana

Posts tagged ‘ස්මාට් දුරකථන’

සුභ නව වසරේ ඇන්ඩ්‍රොයිඩ් තෑග්ග

The Year 2015

2015 අවුරැද්දේ හා පුරා කියල පලමු පෝස්ට් එක ලියන්නයි ආවේ.. හැබැයි නිකම්ම නිකන් අත වන වනා නම් නෙවෙයි..ඒ කියන්නේ දුරකථන සඟරාවේ සිංහල බසින් ඇන්ඩ්‍රොයිඩ් යෙදවුම් (App) නිමැවීමේ ව්‍යාපෘතිය යටතේ 2015 වසරේ හා පුරා කියා නිමැවුනු ප්‍රථම ඇප් එක ගැනයි මේ කියන්න යන්නේ ….මේ ඇප් එක චචනයේ පරිසමාප්තයෙන්ම සෑම දුරකථනයකම තිබිය යුතු ඉතාමත් ප්‍රයෝජනවත් හා වටිනා අන්තර්ගතයකින් පොහොසත් එකක්..  (more…)

හොඳ ස්මාට් ෆෝන් එකක් තෝරා ගන්නේ කෙසේද ?

best smart phones of 2013

Cell Phone, Smartphone වලට පසුව Tablet හා Phone එක්ව සෑදුනු Phablet දක්වා දුරකථන වෙළඳපල පුළුල් වී ඇත. විවිධ දුරකථන නිෂ්පාදකයින් විවිධ හැඩයේ හා ප්‍රමාණයේ දුරකථන වෙළඳපලට නිකුත් කරනු ලබන අතර ඒ සියල්ලම එකිනෙකා පරදවා පාරිභෝගික ප්‍රසාදය දිනා ගැනීමට විවිධ සිත් ඇදගන්නා සුළු පහසුකම් හා විශේෂීකරණයන් සිය ජංගම උපාංගවලට ඇතුළත් කරති. මෙම Features කෙතරම් චිත්තාකර්ශණීය ද යත්, ජංගම උපාංග මිලට ගැනීමේදී කුමක් තෝරා ගන්නවා දැයි අපටම සිතාගත නොහැකිය. එබැවින් දුරකථනයක් මිළට ගැනීමට වෙළඳපලට ගියවිට ඔබ මෙම Features අතර අතරමං වී ඔබට නොගැලපෙන ජංගම උපාංගයක් රැගෙන ඒමේ හැකියාව ඉතා ඉහළය. මෙම ගැටළුව වලකා ගැනීමට, 2013 වසරේ ජනප්‍රිය වූ විවිධ නිෂ්පාදකයන්ගේ සුපිරි ජංගම දුරකථන හා Phablet කිහිපයක විස්තර ඔබ වෙත ගෙන එන්නෙමු. (more…)

ඇපල් සමාගමේ නවතම ස්මාට් දුරකථනය – Apple iPhone 5S

තමන්ගේ හුරු පුරුදු රටාව මෙවරත් අනුගමනය කරමින්, පසුගිය වසරේ ඉදිරිපත් කරන ලද iPhone 5 ස්මාට් දුරකථනයට සිදුකරන ලද වැඩිදියුණු කිරීමක් ලෙසින් ඇපල් සමාගම විසින් සිය නවතම දුරකථන නිෂ්පාදනය පසුගිය සැප්තැම්බර් 10 වැනිදා ලොවට ඉදිරිපත් කරන ලදී. iPhone 5S ලෙසින් හැඳින්වුනු මෙම නවතම ස්මාට් දුරකථනයට විශේෂ ලක්ෂණ කීපයක් අන්තර්ගත කොට තිබුණත් පසුගිය මාදිලියට වඩා කැපී පෙනෙන වෙනසක් නැති බව විචාරක අදහසයි.

ඉතිරියත් කියවන්න…