Blog Portal of Durakatana

Posts tagged ‘NFC’

දුරකථනය පර්ස් එකක් කරන NFC තාක්ෂණය

ෆෝන් එකෙන් මුදල් යවන්න හා ගෙවන්න අපේ රටේ උදවිය මුලදී නම් ටිකක් ඈලි මෑලි වුනා. නමුත් මේ වන විට නම් ක්‍රම ක්‍රමයෙන් ජනතාව මනි ඕඩර් වලට සමුදෙමින් ෆෝන් එකෙන් මුදල් යවන්නටත් ගෙන්වා ගැනීමටත් හුරුවෙමින් පවතී. කෙසේ වුවත් මෙමගින් මුදල් යැවීම ඉතාමත් සුන්දර අත්දැකීමක් වුවත්, ලබන්නාට මුදල් ලබාගැනීමට නම් කමියුනිකේෂන් කඩ දහයකටවත් ගොඩ වැදීමට සිදුවේ. එයට හේතුව අපේ රටේ වෙළ‍ඳ ප්‍රජාව ස්වභාවයෙන්ම මුදල් ගැනීමට මිස දීමට එතරම් උනන්දුවක් නොදක්වන නිසායි.

කෙසේ වුවද අදාල සමාගමේ ශාඛා කාර්යාලයකට ගියොත් නම් ‘එන්න සර්… මෙන්න සල්ලි‘ කියා ඉක්මනින්ම මුදල් ලබාගත හැකිය. කෙසේ වුවද දුරකථනය හරහා මුදල් ගනුදෙනු වලට මේ වන විට අපේ රටේ ජනතාව ටිකෙන් ටික හුරුවෙමින් පවතී. අප මේ සටහන ලියන්නට හිතුවේ දුරකථනයෙන් මුදල් යැවීම නම් සරල කාර්යයෙන් ඔබ්බට ගිය නූතන මොබයිල් වාණිජකරණය ගැන ටිකක් කථා කරන්නටයි… ඉතිරියත් කියවන්න…